පසුගිය කොටසින්: කැරළි නායක ජයසිංහගේ මතකය රැගත් ප්‍රධාන හමුදා සෙබලිය ස්ත්‍රී ජනපදයේ නිලධාරින් කිහිපදෙනෙකු හමුවේ පවසන්නේ ස්ත්‍රී ජනපදයට කාලාන්තරයක් මුළුල්ලේ කැරළිකරුවන්ගෙන් පැමිණි තර්ජන අවසන් බවයි.
මේ අතරතුර පියවි සිහිය ලැබූ සේනක සහ අශාන් තමන් පත්ව සිටින තත්වය පිළිබඳව සාකච්ඡා කරන්නේ ඔවුන් සිරකර ඇති කුටිය දෙපස සිටයි.
තම කුටියට පැමිණි හමුදා සෙබලිය මේ අතර ඇගේ උපකරණය ක්‍රියාත්මක කර ජයසිංහගේ මතකය කියවීමට තැත් කලද කවුරුන් හෝ විසින් එම මතකය මකා දමා ඇති බවක් ඇයට දැනගන්නට ලැබිණි.කල්‍බල වන ඇය අශාන් සිටි කුටිය තුලට පිවිසෙන්නේ ඔහුට පහරදී එම මතකය අඩංගු යම් ගොනුවක් වේ නම් එය ලබාගැනීමටයි.නමුත් පහරකෑම් මධ්‍යයේ ඇගේ ඉනෙහි තිබූ අවිය ඩැහැගන්නා අශාන් ඇයව එයින් ඝාතනය කරනු ලබයි.
ඇගේ හස්තයේ ඇති යම්කිසි රහස්‍ය කේතයක් මගින් තමා සිටි සිරකුටියේ දොරටුව හැරිය බව දුටු අශාන් සේනකගේ කුටියද විවෘත කිරීමට සිතූ නමුත් ඒ සඳහා උත්සහ කලද ඔහුට ලැබෙන්නේ නොසිතූ ප්‍රතිඵලයකි.....
අද එතැන් සිට:
මුල් කොටස් සඳහා
ප්‍රාණය නිරුද්ධ
වූ ඇගේ සිරුර වත්තම් කරගනිමින් ඔහු සැරසුනේ සේනකව කුටියෙන් පිටතට ගැනීම
සඳහායි.ඒ සඳහා ඔහු ඇගේ හස්තය ගෙන ගෙන ආලෝක බිත්තියේ පිටතින් තදකරමින්
නොඉවසිලිවන්තව බලාසිටින්නට විය.සුළු මොහොතකින් පෙර පරිදිම පණිවිඩයක් ආලෝක
බිත්තියෙන් පෙන්වා දුන්නද ඔහුගේ බලාපොරොත්තු සුන්කරමින් එම පණිවිඩයේ දැක්වුයේ
ඇතුලත්වීමේ කේතය කල්ඉකුත් වී ඇති බවයි.
සිදුවෙමින් පැවතියේ
ඔහු කිසිසේත්ම සිදුවේයැයි බලාපොරොත්තු නොවූ සිදුවීමකි.සෙබලියගේ ප්‍රාණය
නිරුද්ධ වීමත් සමගම ඇයට ලබාදී තිබූ රහස්‍ය කේතය කාන්තා ජනපදයේ ප්‍රධාන තොරතුරු
ගබඩාවෙන් ඉවත් කර ඇතැයි ඔහු නිගමනය කලේය.එසේත් නොමැතිනම් ස්වයංක්‍රීයව එසේ
සිදුවන්නට සැලසුම් කර තිබෙන්නට ඇත.එසේ නම් සෙබලියගේ මරණය පිළිබඳ මේ වනවිටත් අනෙකුත්
සෙබලියන් දැන සිටීමටද ඉඩ ඇතැයිද ඔහු නිගමනය කලේය.
“අශාන්.... කලබල
වෙන්න එපා.ඔයා දන්නවා කරන්න ඕන දේ.මම මෙතන ආරක්ෂිතයි ඔයා දැන්ම යන්න.අපිට තව එක
බලාපොරොත්තුවක් හරි තියෙනවා.අපේ සර්ගේ මතකය ආරක්ෂා කලොත් අපිට තව අවස්ථාව
තියෙනවා...”
“මේක තනියෙන් කරන්න
පුළුවන් වැඩක් නෙමෙයි සේනක.තව කොච්චර දුරක් මට යන්න පුළුවන් වෙයිද කියලා මට
හිතාගන්නවත් බෑ දැක්කනේ මෙයාලගේ ආරක්ෂක උපක්‍රම”
“ඒත් ඔයාට මේ දේ කරන්නම වෙනවා අශාන්.වෙන කවුරුත් නෑ මේක
කරන්න.එහෙම හිටියනම් නොකර ඉන්න තිබුණා.ඔයාට විතරයි මේක කරන්න
පුළුවන්.මම ඔයත් එක්ක ආවොත් ඒක
උදව්වකට වඩා කරදරයක් වෙන්න පුළුවන්.... මම නොදැනුවත්වම මෙයාලගේ ඔත්තුකරුවෙක් වෙලා
ඉඳලා තියෙන්නේ පහුගිය කාලේ පුරාවටම.මට ඒ සේරම මතක් වුනා වෙලාවක් ලැබුණාම මම ඒ සේරම
කියන්නම්.සමහරවිට තවමත් එයාලට මාව ලුහුබඳින්න පුළුවන් ඇති.ඒක නිසා මෙතන වෙලාව
නාස්ති කරන්න එපා අශාන්.... යන්න දැන්ම”
අශාන් හට වෙනත්
කිසිදු විකල්පයක් නොතිබිණි.සේනක පැවසූ දෑ පිළිගනිමින් ඔහු සේනක සිටි කුටියට පිටුපා
ගියේ කිසිවක්ම නොපවසමිනි.
“සුභ ගමන්
අශාන්.....”
සේනක ඔහු නික්ම යන
දෙස බලමින් තනිවම මුමුණන්නට විය.
පර්යේෂණාගාරයෙන් පිටතට පිවිසි අශාන් හට නව බලාපොරොත්තුවක් ඇතිවී
තිබිණි.කැරළි නායක ජයසිංහයන්ගේ මතකය සෙබලිය ළඟ නොතිබූ බැවින් කැරළි කණ්ඩායමේ ඉතිරි
සඟයන් කීපදෙනා මෙම සිර කඳවුරෙන් ගලවා ගතහොත් යම්කිසි ආකාරයක බලපෑමක් කාන්තා ජනපදයට
සිදුකල හැකි බවක් ඔහුට වැටහී තිබිණි.
යම් තරමක් ආරක්ෂිත යැයි හැඟුණු අඳුරු මුල්ලකට හේත්තු වූ ඔහු සිය අතැති
උපාංග පිළිබඳ පරික්ෂා කරන්නට විය.ඔහු අතැති උපකරණ අතර මියැදුණු කාන්තා සෙබලියගේ
අවිය සහ මතක පිටපත් කරගන්නා උපකරණයද විය.ඔහු සතු වටිනාම භාණ්ඩය වූයේ වෛද්‍යවරියගේ
දිනපොතයි.ඇතිවූ විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඔහුට ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම අමතකව
ගොස් තිබිණි.ඒ සියළු බඩු බාහිරාදිය සුරක්ෂිතව සිය කලිසම් සාක්කුවට බහාගත් ඔහු නැවත
කාන්තා මූලස්ථානයේ සරන්නට වූයේ සෙබලියන්ගේ ඇස නොගැටී පිටතට යාගත හැකි මගක්
සොයන්නටයි.
ඔහුගේ වාසනාවට තවමත් ප්‍රධාන හමුදා සෙබලිය මියැදුණු බවක් මූලස්ථානය දන්නා
බවක් නොපෙනුණි.මධ්‍යම රාත්‍රිය පසුවෙමින් පැවති නිසාත් කැරළිකරුවන් ඔවුනගේ භාරයේ
සුරක්ෂිතව ඇති බවත් ඔවුන් සිතූ නිසා අශාන් බලාපොරොත්තු වූ තරමේ ආරක්ෂිත රැකවල්
ඔහුගේ මග අහුරන්නට සිටියේ නැත.ඔහුගේ අභිප්‍රාය වී තිබුණේ කෙසේ හෝ නැවතත් යානයට
ගොඩවීමයි.
****
සේනක පර්යේෂණ කුටියේ සයනයට වී කල්පනා කරමින් සිටිනු දක්නට ලැබිණි.ඔහු
ආවර්ජනය කරමින් සිටියේ සිහිනෙන් මෙන් වරින් වර ඔහු දුටු දර්ශන කිහිපය
පිළිබඳවයි.ඔහුගේ මතකය සෙමින් සෙමින් පූර්ණ තත්වයට පත්වෙමින් පැවතුණි.
කැරළි නායක ජයසිංහය සහ සේනක එදින යෙදී සිටියේ ඔවුන්ගේ ජීවිතයේ ලද ඉතාමත්
භයානකම මෙහෙයුමකයි.එක වැරදීමකින් ඔවුන්ගේ කැරළි කණ්ඩායමේ සාමාජියකයන් රැසකගේ ජීවිත
අහිමි වීමේ දැඩි අවධානමක් පැවති අතර ඒ සෑම වගකීමක්ම පැවරී තිබුණේ මොවුන් දෙපළටයි.
ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව මැද ගමන් ගනිමින් සිටියේ හුරුබුහුටි රූමත්
තරුණියකි.ඒ අවුරුදු විස්සකටත් වැඩි කාලයක් පිරිමියෙකු ලෙස ජීවත් වූ ජයසිංහගේ
සහෝදරයා බව කෙසේ නම් සිතන්නද.ඔවුන්ගේ සැලසුම වූයේ කාන්තා ජනපදයේ අවසන් කොටසේ විසූ
තරුණිය සහ ඇගේ මව ඝාතනය කොට එම තරුණිය වෙනුවට ජයසිංහගේ සහෝදරයාව ආදේශ කිරීමයි.ඊට
ප්‍රථම පෙරකී තරුණියගේ මොලයේ ඇති චිපයේ තොරතුරු පිටපත් කරගැනීම භාරව සිටියේ
ජයසිංහයි.එතෙක් සේනක හට අවට ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරී තිබිණි.
ඔවුන් සුළු මොහොතකින් අදාල ස්ථානයට ළඟාවී සිටි බවට පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන්
හඬ නැගුණි.කාන්තාවක් බවට පත්වූ ජයසිංහගේ සොයුරා සියල්ලන්ගෙන්ම සමුගෙන ඉලක්කගත
නිවස වෙත තනිවම පියමනින්නට විය.සියල්ලන්ගේම හද ගැස්ම මොහොතකට නවතින්නට ඇත.මුළු
පරිසරයම අමුතු නිහැඬියාවකින් වෙලී යන්නට විය.
ජයසිංහගේ සොයුරා ඉලක්කගත නිවස ඉදිරිපිටට සුළු මොහොතකින් ළඟාවිණි.තැතිගත්
මුහුණකින් යුතුව සුළු මොහොතක් නිවසේ ඉදිරිපස දොර දෙස බලාහුන් ඔහු කිහිපවරක් දොරට
තට්ටු කරන්නට විය.නිවසේ විදුලි පහන් එකින් එක දැල්වෙන්නට වූ අතර ඒ අනුව ස්ථානගතව
සිටි අනෙකුත් කැරළිකරුවන්ද එම නිවස දෙසට ඇදෙන්නට වූයේ ඔවුන්ගේ ප්‍රථම කාර්යභාරය
ඉටු කිරීමටයි එනම් සියළු දෙනා ජීවග්‍රහයෙන් අල්ලාගැනීමටයි.
ඔවුන් බලාපොරොත්තු වූ ලෙසටම දොර විවර වූ අතර ඉන් පිටතට පිවිසියේ එම නිවසේ
වූ තරුණියයි.ඇය පිටතට පැමිණි වහාම ඇයට පහරක් එල්ල කල ජයසිංහගේ සොයුරා ඇයගේ
හිසට අවියක් තබමින් නිවස තුලට ඇතුළු වනු දක්නට ලැබිණි.ඒ සමගම ක්‍රියාත්මක වූ
ජයසිංහ සහ සේනකද ඉදිරි දොරටුව දෙසට දුවන්නට වූ අතර අනෙකුත් පිරිස එම නිවස වටා එක්
රොක් වූයේ පිටතින් යම්කිසි ප්‍රහාරයක් පැමිණියහොත් එය වලක්වන අටියෙනි.
නමුත් සේනක හා ජයසිංහ නිවස තුලට ඇතුළු වූ විට දුටුවේ ඔවුන් කිසිසේත්ම
අපේක්ෂා නොකල දර්ශණයකි....
ජයසිංහගේ සොයුරාගේ හිසට අවි තුනක් එල්ල වී තිබිණි.කුමක් හෝ හේතුවක් නිසා
එදින නිවසට පැමිණ සිටි කාන්තා සෙබලියන් තිදෙනෙක් නිසා ඔවුන්ගේ සැලැස්ම
සම්පූර්ණයෙන්ම අසාර්ථක වන අයුරක් පෙනෙන්නට තිබිණි.ජයසිංහට සහ සේනකට සිය අවි බිමින්
තබන ලෙසට සෙබලියන්ගෙන් අණ ලැබිණි.කාන්තාවක් බවට පත්ව සිටින සිය සොයුරාගේ ජීවිතය
කෙසේ හෝ රැකගන්න අරමුණින් යුතුව ජයසිංහ සිය අවිය බිම තැබූ නමුත් සේනක සිටියේ
තවමත් අවිය අත දරාගෙනයි.
“සේනක.... කලබල වෙන්නේ
නැතිව ඕක බිමින් තියන්න නැත්නම් අපි සේරටම මැරෙන්න වෙනවා”
“ඒත්.....” සේනකට කතා කරන්නට ඉඩ නොතබාම ජයසිංහ බැනවදින්නට විය
“කිව්වම අහලා ඕක බිමින්
තියනවා...” ඔහු එසේ පවසනවාත් සමගම
අවිය බිමින් තබනා අයුරක් පෙන්වමින් නැවෙන්නට විය.ඔහු එසේ නැවෙන
අතරතුර නිවසේ විදුලි පහන ඉලක්ක කර වෙඩිතැබුවේ කිසිවෙකුට කිසිවක් සිතාගැනීමටවත්
ඉඩක් නොතබමින්.මුළු නිවසම අඳුරේ ගිලී යාමත් සමගම ක්‍රියාත්මක වූ ජයසිංහගේ සොයුරාද
ඔහු අවට සිටි සෙබලියන්ට ප්‍රහාර එල්ල කරන්නට විය.සුළු මොහොතක් ඇතුලත සෙබලියන්
තිදෙනාම මරු තුරුලට යැවූ ඔවුන් සූදානම් වූයේ ඔවුන්ගේ ඊළඟ පියවරටයි.
එනම් තරුණියගේ මතකය සහ කේත පිටපත් කිරීමයි. නිවසේ මුල්ලක සැඟවී සිටි තරුණිය
සහ ඇගේ මවගේ දෑත් දෙපා බැඳ දැමූ ජයසිංහ,දෑත දෙපා බැඳ
තිබූ තරුණියගේ මතකය සිය උපකරණයට පිටපත් කිරීම ඇරඹුවේ නාස්ති කිරීමට තරම් කාලයක්
ඔවුන්ට ඉතිරව නොවූ නිසාවෙනි.
මතකයන් පිටපත් කිරීම ආරම්භ කර සුළු මොහොතක් ගතවන විටදී ජයසිංහ හට කුමක් හෝ
අඩුපාඩුවක් සිදුවුනියැයි සිතුවිල්ලක් සිතට පිවිසුනු අතර සැකයෙන් මෙන් ඔහු වටපිට
නිරීක්ෂණය කරන්නට විය.සිය අවියෙන් නිකුත්වන මන්දාලෝකයෙන් ඔහු දුටුවේ බිම වැතිර
සිටින සේනකවයි.ඔහු වහා සේනක වෙතට ගොස් ඔහුව නැගිටුවාලීමට උත්සහ කලද ඔහුගේ උදරය
හරහා පිටවූ ලේසර් කිරණින් බරපතල හානි සිදුවී තිබෙන අයුරු දුටු විට ඔහුගේ ජීවිතය
අනතුරේ බව ජයසිංහට වැටහිණි.
මතකය පිටපත් කිරීම තාවකාලිකව නැවැත්වූ ඔහු කේතයන් පමණක් පිටපත් කිරීමට
උත්සුක වූයේ අවුරුදු විස්සකට අධික මතකයන් පිටපත් කිරීමට ගතවන කාලය ඉතා අධික වන
නිසාත් සේනකව හැකි ඉක්මනින් සිය සැඟවුම් ස්ථානයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය
බව හැඟුණු නිසාත්ය.කේත පිටපත් කිරීම අවසානයේ තරුණියගේ හිසට ඉලක්ක කරමින් අවිය
එසෙව්වද ඇගේ දෙනෙත් කුමක් හෝ පවසන්නට තැත් කරනා අයුරක් ඔහුට හැඟුනු බැවින් ඉහළට
එසවුනු අවිය පහත් වූයේ ඔහුටත් නොදැනීමයි.
ඇගේ දෙනෙත් සේනක දෙසටත් ජයසිංහ දෙසටත් වරින් වර යොමුවූයේ නොඉවසිලිවන්ත බවක්
ඇගේ මුවග රන්දමින්.මොහොතක් කල්පනාවේ නිමග්න වූ ජයසිංහ ඇගේ මුව වසා තිබූ ප්ලාස්ටරය ගලවා
දැම්මේ ඒ අසල දණ නවමිනි.
“මම වෛද්‍යවරියක් මට
පුළුවන් ඔයාගේ යාළුවව බේරන්න.මට ඒකට ඉඩදෙන්න..... උදව් කරන්න පුළුවන් කමක්
තියෙද්දිත් එයාට මැරෙන්න දෙන්න බෑ.... මාව අවිස්වාස නම් මගෙ කකුල් ගැටගහලා අත් දෙක
ලිහන්න කරුණාකරලා”
“ඔබ වෛද්‍යවරියක් බව
තොරතුරු අපට ලැබී තිබුනේ නැහැ”
“මම වෛද්‍යවරියක් වෙන්න තවමත්
ඉගෙන ගන්නවා ඒත් මට ප්‍රතිකාර කරන්න පුළුවන්.මම දන්නවා ඔබලා අනිවාර්යෙන් මාව මරන්න
තමයි හදන්නේ.ඒකට කමක් නෑ ඒත් මට මේ ජීවිතේ බේරගන්න ඉඩ දෙන්න”
මොහොතක් නිරුත්තරව ඇය දෙස බලාසිටි ජයසිංහ අවසානයේදි ඇගේ බැමි ලිහන්නට වූයේ
සේනකට එතරම් කාලයක් ඉතිරිව නැති බව වැටහුණු නිසාවෙන්.සිය සොයුරා අතටද අවියක් ලබා
දුන් ජයසිංහ එම තරුණිය දෙසට අවිය මානාගෙන සිටියේ කුමන මොහොතක හෝ ඇය ක්‍රියාත්මක
වුවහොත් ඇයව නිශ්චල කරනා අරමුණින් යුක්තවයි.
පැය බාගයක පමණ කාලයක් තුලදී සේනකගේ බාහිර හා අභ්‍යන්තර රුධිර වහනය
නැවැත්වීමට එම තරුණිය සමත් වූ අතර සේනකට ලැබිය යුතු මූලික ප්‍රතිකාර ඉතා සාර්ථකව
අවසන් කිරීමට ඇය සමත්විණි.නමුත් ඇය පවසා සිටියේ තවදුරටත් ඔහුට ප්‍රතිකාර අත්‍යාවශ්‍ය
බව සහ ඔහුව නැවත රැගෙන යාමේදි ඔහුගේ ජීවිතයට අනතුරුදායක තත්වයක් ඇතිවිය හැකි බවකි.
කුමක් කල යුතුදැයි තීරණයක් ගත නොහැකිව ජයසිංහ සිටියේ ඉමහත්
වේදනාවෙනි.මෙහෙයුම යම්තරමකින් සාර්ථක වුවත් සිය මිතුරාගේ ජීවිතය ඔහුට ඊට වඩා
වටිනාකමකින් යුක්තවිය.
“ඔබට බොහෝම ස්තූතියි.මේ
කරපු උපකාරයට ප්‍රතිඋපකාරයක් විදියට මම ඔබලාගේ ජීවිත නැතිනොකරන්න තීරණයක්
ගත්තා.නමුත් මට සමාවෙන්න ඔබලාගේ මතකයන් මකා දැමීම අත්‍යාවශ්‍යයයි....”
“ඒකට කමක් නෑ... වෛද්‍යවරියක්
විදියට මගේ වගකීමයි මේ ඉෂ්ට කලේ”
ඇය එම වදන් පවසා අවසන් කරනවාත් සමගම ජයසිංහගේ පණිවිඩ හුවමාරු උපකරණය අනතුරු
හැඟවීමේ සංඥා නිකුත් කරන්නට විය.විවෘතව පැවති දොරටුවෙන් ඉවතට පැමිණි විට ජයසිංහට
දක්නට ලැබුණේ හදිසි තත්වයන් වලදී හමුදා සෙබලියන් යොදාගන්නා යානාවක් තමන් සිටින
ඉසව්වට පැමිණෙන අයුරකි.
වහා නිවෙස තුලට පිවිසි ඔහු තරුණියගේ මවගේ මතකය මකා දමන අතරතුර සිය සොයුරාව
ඇමතන්නට විය.
“අපි යමු.... මෙහෙයුම
අසාර්ථකයි.සේනකවත් අරගෙන අපිට ඉක්මනින් යන්න වෙනවා”
එවිටම තරුණ වෛද්‍යවරිය ජයසිංහ අමතා කතා කලාය.
“ඔයාලා ගියොත් මමයි
අමාරුවේ වැටෙන්නේ.මගේ චිපය දැන් අක්‍රිය වෙලා තියෙන්නේ ඒ නිසා හොඳම දේ තමයි මෙයා ගෙදර
ඉන්න එක.එයාට පුළුවන් ඔයාගේ යාළුවට උදව් කරන්න.සෙබලියන් සැක හිතන එකක් නෑ එයා
ගැන.ඒත් මගේ චිපය අක්‍රිය නිසා මම හිටියොත් අනිවාර්යෙන් සැක හිතනවා”
“ඒක තමයි අයියේ කරන්න
තියෙන හොඳම දේ ඉක්මනට මෙතනින් යන්න.මම සේනකව බලාගන්නම්” ජයසිංහගේ සොයුරා සිය හඬ අවදි කරමින් පවසන්නට විය.
ජයසිංහ හට වෙනත් විකල්පයක් නොවිණි.ඔහු වහාම නිවසින් පිටතට පිවිස කැරළි
කණ්ඩායම රැගෙන ආ යානය පිහිටි ඉසව්වට දුවන්නට විය.තරුණ වෛද්‍යවරියද ඔහු පසුපසින්
පැමිණෙන බැව් දුටු ජයසිංහ වහා නැවතුනේ එය එතරම් නුවණට හුරු නොවන බව වැටහීමෙනි.
“ඔයාට මෙතනින් එහාට එන්න
බෑ.... “
“මට දැන් හැඳුනුම් කේතයක්
නෑ.මමත් දැන් කාන්තා ජනපදයට පිටස්තර කෙනෙක්.මට යන්න තැනක් නෑ මාවත් එක්කරන් යන්න
කරුණාකරලා”
මදක් නොඉවසිල්ලෙන් කල්පනාවේ නිමග්න වූ ජයසිංහ එක්වරම යමක් සිහිවුවෙක්
පරිද්දෙන් ඔහුගේ සාක්කුවකින් පිටතට ගත්තේ යම්කිසි ආකාරයක සිතියමක් වැනි
උපාංගයකි.එය ඇකිලීමට හැකි අයුරින් සකස් කර තිබිණි.
“මේ තියෙන්නේ අපේ එක
සැඟවුම් තිප්පොලක්.එතන දැනට කවුරුත් නෑ අවශ්‍ය කෑම බීම හැමදෙයක්ම එතන තියෙනවා.ඔබට
අපිත් එක්ක එන්න බෑ.මේ සිතියම බලාගෙන යන්න.මම දවස් කීපයකින් එන්නම්.මට මීට වඩා
දෙයක් කරන්න බෑ.මේක තමයි අපි දෙන්නගෙම ආරක්ෂාවට තියෙන හොඳම විසඳුම.... මට සමාවෙන්න”
“ස්තූතියි මගෙයි අම්මගෙයි
ජීවිතය බේරුවට..... “ යැයි පැවසූ ඈ ජයසිංහට
පිටුපා අඳුරේ සැඟවී යන්නට විය......
ප/ලි
පින්තූරය ගත්තේ මෙතනින්
ඔන්න පොරොන්දු වුනා වගේම මේ කොටසත් ඉක්මනින්ම දුන්නා.මේකෙත් වැරදි අඩුපාඩු එහෙම ඇත්නම් පෙන්වලා දෙන්න කියලා වෙනදා වගේම මම ඉල්ලා සිටිනවා.වැරැද්දක් කිව්වොතින් මම අමනාප වෙන්නේ නෑ.....
තාමත් මුල් ටික කියවන්න වෙලාවක් ලැබුණෙ නෑනේ ආ.. එහෙම නැතිව අග ඉඳන් කියවල වැඩකුත් නෑ.. මුල ඉඳන් කියවලම කියන්නම්..
ReplyDeleteබොහෝම ස්තූතියි යාන්ත්‍රික හිමින් සැරේ කියවල එන්නකෝ.....
Delete//“මම වෛද්‍යවරියක් මට පුළුවන් ඔයාගේ යාළුවව බේරන්න.මට ඒකට ඉඩදෙන්න..... උදව් කරන්න පුළුවන් කමක් තියෙද්දිත් එයාට මැරෙන්න දෙන්න බෑ.... මාව අවිස්වාස නම් මගෙ කකුල් ගැටගහලා අත් දෙක ලිහන්න කරුණාකරලා”//
ReplyDeleteමේවට අභියෝග කරන්න කාටවත් බෑ. අද දැනුම ප්‍රාග්ධනය වූ යුගයක්.ලිපිය නියමයි.
සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
බොහෝම ස්තූතියි නලීන් අයියේ කොමෙන්ටුවට...
Deleteඅතීත කතාවක් නේද අද ලියලා තියෙන්නේ..මේකේ තව කොච්චර කොටස් තියද ගැමිස්? අවසානය ඉක්මනට දැනගන්න ආසයි
ReplyDeleteමටනම් හදිස්සි නැ .. මම මේ කථාව පුදුම විදියට රස විඳිනවා.. කුතුහලය ත්‍රාසය රඳවාගෙන ලියන්න පුළුවන් තරම් දිගට ලියනවනම් කැමතියි
Deleteමටනම් හදිසියි :)..ඒකට තමා කියන්නේ කුතුහලය කියලා.
Delete@සයුරි අක්කේ,
Deleteතව කොටස් ගාන තීරණය කරලා නම් නෑ ඒත් හැම පැත්තක්ම විසඳලා මේක ඉවර කරන්න නම් තව කොටස් පහක්වත් යයි.ඉක්මනින් කොටස් ටික දෙන්නම්කෝ හැබැයි කතාවේ අවසානය තමා මට ලස්සනට ඉවර කරන්න අමාරු...
@මී ගොඩයා අයියේ,
තව වැඩිය කොටස් නෑ කොටස් පහකින් ඉවර කරන්න පුළුවන් වෙයි.කවුරුත් නොහිතන අවසානයක් දෙන්නයි ප්ලෑන් එක...
@සයුරි අක්කේ,
දනිමි දනිමි දෙන්නම කුතුහලෙන් බව දනිමි
උප්ස්......
ReplyDeleteවට්ස් අප් ඈ??
Deleteපොඩ්ඩක් අවුල් වුනා ගැමියො.. අන්තිම කොටස මතක් වෙන කෑල්ලක්ද ?
ReplyDeleteඋඹට හිතෙන මේ සුකුරුත්තම්නම් මාරයි..
මෙතන උනේ සේනක කල්පනාවට වැටුනාම අතීත සිදුවීමක් අතරමැදින් කියවුනු එක.ගොඩක් ෆිල්ම් වල එහෙම කරනවනේ.
Deleteඒ අතීත සිදුවීම වෛද්‍යවරියගේ දින පොතින් ලියන්න ගියොත් එයා දකින පැත්ත විතරනේ ලියන්න ලැබෙන්නේ සේනකගේ පැත්තෙන් ලිව්වොත් එයා තුවාල ලැබුවයින් පස්සේ ටික ලියාගන්න බැරිවෙනවනේ ඒකයි මේ විදියට ලිව්වේ.දැන් ආයෙමත් සේනකගේ අත්දෑකීම් ටික ගලපන්න පුළුවන්...
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... මේ ගොඩක් දේවල් කතාව ලියාගෙන යද්දි එවෙලට ඔළුවට ආපුවා අයියේ.වෙන්න පුළුවන්ද බැරිද නොහිතා ලිව්වා.අනික සේනකව හිර කරලා තියාගන්න ඕන වුනා මගේ ලේසියට ඒකයි එහෙම දෙයක් දැම්මෙත්...
කොහොමද බං මෙච්චර ගොඩක් එක දවසට කොටන්නේ
ReplyDeleteපැනපු ගමන් කොටාගෙන කොටාගෙන ගියා අයියේ හරිම සිම්පල් ප්ලෑන් එකක්.එක අකුරක් හරි නිකමට ලිව්වොත් කම්මැලි නැතුව ලියාගෙන යතෑකි.හැබැයි පැය දෙක තුනක් යනවා.සමහර තැන්වලදි දවසක් දෙකක් හිටියා අදහසක් සම්බන්ධ කරන්න පුළුවන් වෙනකන්.ඔය අතරමැද්දේ තියෙන විද්‍යාත්මක එව්වනම් එවෙලෙට හිතෙන එව්වා
Deleteබොහෝම ස්තූතියි අයියේ.ඒක නෙමේ අටම්පහුරේ ගේට්ටුවෙන් මාව ඇතුලට ගන්නේ නෑනේ ඇයි ඒ
දන් මම මේ කතාව විවේචනය කරන්නේ කව ද හරි අවසානයක් දුටු දවසටයි. එතෙක් කෙටි දැනුම් දීම පමණයි.
ReplyDeleteඅද කියන්න තියන්නේ වෛද්‍යවරියගේ චරිතයේ විශ්වාසනීය බවට ඇයගේ හැසිරීම ලස්සනට එක් කර තිබෙනවා. තම ජීවිතයට වඩා වෛද්‍ය සේවකයෙකුට රෝගී ජීවිතයක් වටිනවා. උසස් අදහසක්.
බලමු පස්සේ.....
වෛද්‍යවරු කියන්නේ උසස් මිනිස් කොට්ඨාසයක් විදියට තමා මම දකින්නේ ඉතින් ඔබතුමත් ඒ වගේම කෙනෙක් කියලා මම හොඳටම දන්නවා.(මගේ අසනීප තත්වය ගැන විමසපු හැටි මට තාම මතකයි...)
Deleteකෙටි දැනුම් දීමක් වුනත් මට ඒක සෑහෙන්න වටිනවා.බොහෝම ස්තූතියි වෙද මහත්තයෝ ඔබේ වටිනා කොමෙන්ටුවට....
නියමයි ගැමිය මල්ලි. බොට කොහොම මෙහෙම අදහස් එනවද මන්ද?
ReplyDeleteඉතිරියත් ලියමු.
ජය.
බොහෝම ස්තූතියි අයියේ... ලියන්න ගත්තම ඔව්වා ඉබේ එනවා අප්පා අනික ඉතින් විද්‍යා ප්‍රබන්ධ කියන්නේ ගොඩක් ඕන හැටියකට කරකවලා ලියන්න පුළුවන්නේ ඉතින්....
Deleteකතාව නම් සුපිරි ඈ.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....
Deleteබොට මේ දේවල් කොහොම මනසෙ ගොඩනැගෙනවද කියලයි මම මේ කල්පනා කලේ... සෙල්ලම් වැඩක්යැ මේ වගේ ප්‍රබන්ධයක් විශ්වාසනීයත්වය රැකෙන විදියට ඉදිරියට රැගෙන යාම...
ReplyDeleteජය !
ලේසිම නෑ අයියේ සමහර තැන්වල පුදුම විදියට හිරවෙනවා.දෙයක් ලියලා පල කලාට පස්සේ ආයේ පරන ඒවා වෙනස් කරන්න බැරි නිසා කතාව සැරින් සැරේ වෙනස්ම පැති වලට යනවා.කොහොම හරි ආයෙම පරණ ට්‍රැක් එකට දාගන්නවා ඔහොම තමයි කතාව යන්නේ.... තාක්ෂණික අයිටම් ටික නම් ලියන වෙලාවට එන දේවල් තමයි.වෙලාවකට මටත් පුදුමයි
Deleteෆිල්ම් එකක් කරමුද ගැමියෝ...??
ReplyDeleteමටත් ඔහොම හිතෙනවා අප්පා... මේක ලියන්නෙත් ෆිල්ම් එකක් විදියට හිතේ මවාගෙනමනේ ඒත් ඉතින් හීනයක් විතරයි...
Deleteබොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
සිංහල නම් නැත්නම් මට මේ කතාව පරිවර්තනයක් කියලාමයි හිතෙන්නෙ. අතපසුවෙච්ච කොටස් එක්කම එකපාර කියවලා දැම්මා.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කියවන තරමක් කියවන්නේ පරිවර්තන නිසා වෙන්නැති ඒ ශෛලියට ලියවෙන්නේ සාර්ථකයි වගේ පේනවනම් එච්චරයි ඕනේ සෑහෙන්න සතුටුයි අප්පා....
Deleteබොහෝම ස්තූතියි ඩුඩිතුමානෙනි කොමෙන්ටුවට...
මල්ලි මේ කථාව මම උපරිමෙන් රස විඳිනවා බං.. ආයේ කියන්න දෙයක් නෑ මම කියවපු හොඳම විද්‍යා ප්‍රබන්දය මේක ...
ReplyDeleteපුලුවන්නම් ඉක්මනට කොටස් ටික දාපන්.. දන්නවා අසාධාරණ ඉල්ලීමක් කියලා.. ඒ උනාට ආසාව ඊටවඩා ලොකුයි
හෙහ්..මෙන්න එක්කෙනෙක් හදිසි නෑ කියලා ආපහු කියලා කොටස් ඉක්මනට දාන්නලු.. කොන්ට්‍රඩික්ෂන් :පි
Deleteඔන්න සයුරි පටලගෙන.. මම කිව්වෙ මට කියවන්න හදිස්සියි.. හැබැයි ඉවරයක් දකින්න හදිස්සි නෑ කියලා
Deleteබොහෝම ස්තූතියි අයියේ... මෙහෙම ප්‍රතිචාර එද්දි කොහොමෙන් හරි වෙලාව හොයාගෙන ලියන්නම හිතෙනවා.ඉක්මනට කොටස් ටික දාන්න තමයි ට්‍රයි කරන්නේ ඒත් අඩුපාඩු නැතිව සේරම හදාගන්න ටිකක් කල් යනවනේ මේ වැඩත් එක්ක.නිවිහැනහිල්ලේ ලියන්නත් එපැයිනේ...
Delete@ සයුරි අක්කේ,
Deleteඅළුත් වචනයක් ඉගෙනගත්තා ඕං තැන්කූ ඈ...
@ මී ගොඩයා,
හයියෝ මේං සුනාමි එනෝ අවුස්සන්න එපා මෙයාව....
ඉක්මනට කොටස් දානවා කියන්නේ ඉක්මනට අවසානෙට එනවා කියන එක තමයි
ReplyDeleteහරි ළමායි.....දැන් සන්සුන් වෙන්ඩෝ.... දෙන්නම දිනුම් කොටස් ටික ඉක්මනට ලියලා දෙන්නම් :D
Deleteහ්ම්ම්... එහෙනම් එහෙමයි සේනක ඔත්තුකාරයෙක් වෙලා තියෙන්නේ නේද?
ReplyDeleteඅසනීප වුණ වෙලාවේ පුහුණු දොස්තර නෝනා මොකක් හරි ගැජ්මැටික් එකක් ඇඟට ඇතුල් කරල ඇති.
නෑ නෑ තවම සේනක තුවාලකරුවෙක් විතරයි තව ගොඩක් දේවල් එයාට වෙන්ඩෝන... අනික පුහුණු දොස්තර නෝනා අවංක චේතනාවෙන් උදව් කලේ සේනකට... සේනකට ඊළඟට වෙන දේ පහුගිය කොටස් වලින් සේනක කරපු කියපුවත් එක්ක ගානට ගැලපෙන්නයි ලියන්නේ බලන්නකෝ ඉස්සරහට...
Deleteබොහෝම ස්තූතියි බට්ටිස් අක්කේ කොමෙන්ටුවට....
අයියෝ!!!!!!! අනිකත් ඉක්මණට දාන්න......
ReplyDeleteඑල... ඉක්මනින් දෙන්නම් බාගයක් ලියලා ඉවරයි සිකුරාදා හෝ සදුදා තමා දෙනවනම් දෙන්න වෙන්නේ..
Deleteහරිම ලස්සනයි මල්ලි...මම ආසාවෙන් කියවන කතාවක් මේ...
ReplyDeleteඒ උබ රස කරනවා වැඩියි ඈ...
ReplyDeleteදෙන්න හිතෙනවා වොන්ඩර් බාර් එකක්...
ගැමි මල්ලි කියලා වැඩක් නෑ.අති විශිෂ්ටයි. කතාව අමතක වෙලා තිබුන නිසා වගේම කොටස් කීපයක් මගහැරිලා තිබ්බ නිසා අද උදේ ඉඳන් මම මේ කොටස් දහයම මුල ඉඳන් හිමින් සීරුවේ කියෙව්වා. කියවද්දී මට දැනුනු දේ, හිතුනු දේ වචන වලින් කියන්න තරම් මම දක්ෂ නෑ ගැමි මල්ලි. ඔයාගේ හැකියාව ගැන කියන්න මට වචන ගලපා ගන්න අමාරුයි. ඒ තරමට ඔයා මේ කතාව ඇතුලේ අපිව ජීවත් කරනවා. කතාව ගතියක් දැනෙන්නේ ඔක්කොම කොටස් එක පාර කියවනකොට. මම මේ කතාව කියවන අයට යෝජනාවක් කරනවා මුල ඉඳන් එක හුස්මට මේ කතාව කියවලා කතාව ඇතුලේ ජීවත් වෙලා බලන්න කියලා. ඇත්තමයි මේ ලියවිල්ල කවුද අර "Avatar" ෆිල්ම් එක කලේ "කැමරන"් නේද ? අන්න ඒ මනුස්සයට අහුවුනොතින් ් මිනිහා හදන ෆිල්ම් එක දැනට තියලා තියන වාර්තා ඔක්කොම සතියෙන් බිඳී, ඊට කලින් ලංකාවේ වැඩ කාරයෙක් හොයාගෙන මේක ඉවරයක් කරලා දැම්මොත් නරකද...බැරි වෙන එකක් නෑ..
ReplyDelete