මුල් කොටස් සඳහා
අහසේ දක්නට ලැබුණේ වේගයෙන් ඇදී යන යානාවකි.තිතක්
පරිද්දෙන් එය දිස්වූවත් ක්‍රමයෙන් එය විශාල වන විට එය අශාන් පලායමින් පැවති යානය
බැව් හඳුනාගැනීමට හැකිවිණි.ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරමින් පැවති යානය ඇසිල්ලකින්
පසුකර ඇදුනේ සෑහෙන කලකට පෙර අත්හැර දැමූ ඉතා උසැති සන්නිවේදන කුළුණකි.එම කුළුනෙහි
ලැගුම් ගෙන සිටි කුරුළු රංචුවක්ද ඒ හා සමගම ගුවනේ විසිර යනු දක්නට ලැබිණි.අවට
පරිසරය කැළඹී ස්වල්ප මොහොතකින් සන්සුන් වූවා පමණි.... ගුවන් යානා රාශියක් අහස් තලය
වසාගනිමින් පියාසර කරන්නට වූයේ අධික වේගයෙනි.....
“මැඩම් අපිට අශාන්ගේ යානයේ කියැවීම් ලැබෙනවා..... “
“බොහෝම හොඳයි ලුහුබැඳීමේ කණ්ඩායම දැනුවත් කරන්න...
මම හිතන්නේ පිටතින් යානයට ඇතුල් වෙන්න පුළුවන්නම් අශාන්ව පණපිටින් අල්ලගන්න
පුළුවන් වේවි”
“ඒ යානය ශබ්දයේ වේගයත් ඉක්මවලා තියෙන්නේ මට ලැබෙන
කියැවීම් එක්ක බැලුවාම ඒ යානය කෙලින්ම ගමන් කරන්නේ මධ්‍යම කඳු පන්තියට.මේ වේගයෙන් මේ දිශාවටම මේ උස ප්‍රමාණයත් එක්ක ගමන් කලොත්
යානය අනිවාර්යෙන්ම කඳු මුදුනක ගැටෙනවා.... ශබ්දයේ වේගය මේ තරම් පහල මට්ටමකදි
ඉක්මවලා ගිය නිසා අශාන්ට නැවත යානය ඉහලට ගන්න බැරි වේවි”
“මේකා මොකක්ද මේ කරන්න හදන්නේ.... හොඳ දෙයක් නෙමෙයි
අනූ වෙන්න යන්නේ බලන්න අපේ යානාවල කියැවීම්...”
“අශාන් පවත්වාගෙන යන උස මට්ටමමයි එයාලත් පවත්වාගෙන
යන්නේ.ශබ්දයේ වේගය තව සුළු මොහොතකින් ඉක්මවයි…. ඒක භයානක තත්වයක් , අනතුරක්
ගැන අපේ සෙබලියන් දැනුවත් නෑ වගේ”
“එහෙනම් අශාන්ගේ යානයට පිටතින් ඇතුල් වෙන අදහස අත්අරින්න
වෙනවා... මට යානා සියල්ලම සම්බන්ධ කරලා දෙන්න”
සෙබලිය සූදානම් කල පණිවිඩ හුවමාරු උපකරණය සියතට
ගත් අසනි සියළුම යානා ඇමතීමට සූදානම් විණි.
“මම අසනි... මම තමයි ඔබේ නව අණ දෙන නිලධාරිනිය...
ඔබට අශාන් ගමන්කරන 2819SS
යානයේ ඉලක්කය ගත හැකි ඕනෑම මොහොතක පහර දී විනාශ කරන්න සම්පූර්ණ අවසරය මම
ඔබලාට ලබා දෙනවා... ”
“ඊළඟට අපි මොකද කරන්නේ??” ඒ ප්‍රශ්නය විමසූයේ අනූ විසිනි.
“කරන්න තියෙන හොඳම දේ මේක තමයි අනූ.අශාන්ට බේරිලා
යන්න දෙන්න බෑ ඇරත් අපේ යානයකුත් අරගෙන කොහෙත්ම යන්න දෙන්න බෑ.සමහරවිට මේ තීරණේ
නිසා මගෙ තනතුරත් නැතිවෙන්න පුළුවන් ඒත් මම මේ තීරණේ ගත්තේ පෞද්ගලිකව අයුමිගේ
ජීවිතේ නැති කරපු පලිය ගන්න.දැන් ඉතින් බලාගෙන ඉමු...”
2819SS යානය
වේගයෙන් මධ්‍යම කඳු පන්තිය කෙරෙහි ඇදෙමින් පැවතුනේ ශබ්දයේ වේගයද ඉක්මවමිනි යානය
කඳු වලල්ලෙහි ඝට්ටනය වීමට ඉතාමත් ආසන්නව පැවතිණි.ඒ වන විට සෙබලියන්ගේ ප්‍රහාරක
යානා ආරක්ෂිතව නැවත ගුවනේ ඉහලට ගැනීමට පාලන මැදිරියෙන් උපදසේ දී තිබිණි.ඔවුන්
කඳු පන්තියේ ඝට්ටනය අවම කර ගැනීමට සිය යානා ඉහළට ගන්නවාත් සමගම නොසිතූ
විරූ පිපුරුම් රාශියක් එක්වරම සිදුවූයේ පාලන පාලන මැදිරිය පමණක් නොව යානා
නියමුවරියන්වද පුදුමයට පත් කරවමිනි.
යානා පොකුරෙහි ඉදිරියෙන්ම ගමන් කරමින් සිටි
නියමුවරියට එක්වරම දිස්වූයේ ගිනි බෝල විලසින් ගිනිගෙන දැවෙන යානා සමූහයකි.ඒ සමගම
ඇයි මූලස්ථානය අමතන්නට විය.
“මේක උගුලක්.... මේක උගුලක්.... පාලන මැදිරිය
අමතන්න.... අපට කිසිම යානයක් ඉහලට ඔසවාගන්නට හැකියාවක් නෑ.... කඳු පන්තියේ ඝට්ටනය
වලක්වන්න අවශ්‍ය උස ප්‍රමාණයට පිවිසෙන්න අපට කිසිම ඉඩක් නෑ ඉහල සම්පූර්ණයෙන්ම
පාවෙන බෝම්බ අතුරලා...”
ඒ පණිවිඩය ඇසෙත්ම අසනිගේ දෙඅත් හිස වෙත ඇදුනේ
නිරායාසයෙනි.කුමක් කල යුතුදැයි තීරණයක් ගත නොහැකිව ඈ අසරණව සිටියාය.ඇයට වැඩි
වේලාවක් සිතීමට අවකාශ නොලැබුණි ඇය අසල සිටි අනූ ඇය ඇමතූවේ බැරෑරුම් හඬකිනි..
“මැඩම්... තව විනාඩි පහක් ඇතුලත අශාන්ගේ යානය කඳු
වලල්ලේ ගැටෙන්න නියමිතයි.අපේ යානාවලටත් වැඩි වෙලාවක් ඉතුරුව නෑ....”
එය කණ වැකුණු වහාම අසනි වහාම පාලන පුවරුව වෙත
පැමිණ සන්නිවේදකය සියතට ගත්තේ වෙව්ලන දෑතිනි.
“මම මේ කියන දේ හොඳට අහගන්න... අවසාන මොහොතේ හරි
අශාන්ගේ යානය ඉලක්ක කරගන්න පුළුවන්නම් දෙවරක් නොහිතා පහරදෙන්න.අශාන් ගමන් කරන යානය
හැප්පෙන්න තත්පරේකට කලින් හරි විනාස වෙනවා දකින්න මට ඕන.ඔබ අනිවාර්යෙන් මෙය කරන්න
ඕන ඒක අණක්....”
“ඒත් මැඩම්.... “
“කට වහගන්න අනූ මේක තමයි එකම විදිය... මට ඒ යානය
විනාස වෙනවා දකින්න ඕන කොහොම හරි.ඉතිරි යානාවල සිටින නියමුවරියන්ටයි මේ දැනුම් දීම
ඔබලාට යානා අතහැර යෑමට අවසරය මේ මොහොතේ මම ලබාදෙනවා....”
“පණිවිඩය ලැබුණා මූලස්ථානය.... ප්‍රහාරය සඳහා
ඉලක්කය ලබා ගන්නවා... “ ප්‍රධාන යානාවෙන් පාලන මැදිරිය වෙත පණිවිඩ ගලා
එන්නට විය.පාලන මැදිරියේ කිසිවෙකු කිසිවක් ප්‍රකාශ නොකලේ එම තත්වය එතරම් ත්‍රාසජනක
අවස්ථාවක් බැවිනි.
“2819SS
යානය ඝට්ටනය වීමට තව තත්පර 60...”
පාලන මැදිරියේ සියළු දෙනාගේ දෙනෙත්
ගිලී පැවතුනේ ප්‍රධාන යානයේ කැමරාවෙන් දකින්නට ලැබෙන අශාන්ගේ යානයේ ගමන් මග
දෙසටයි.
“2819SS
යානය ඝට්ටනය වීමට තව තත්පර 50...”
අශාන්ගේ යානය දෙපසට වැනෙමින් පැවතීම නිසා තවම ප්‍රහාරය
හරි හැටි ඉලක්කගත කරගැනීමට ප්‍රධාන යානයට නොහැකි තත්වයක් උදා වී තිබිණි...
“2819SS
යානය ඝට්ටනය වීමට තව තත්පර 30...”
“මොකක්ද
කරන්නේ පහර දෙන්නේ නැතිව... වහාම පහරදෙන්න ඉලක්කය ඇතුව හරි නැතිව හරි”
ඒ සමගම දර්ශන පථය ගුවන් යානාවල ප්‍රහාර වලින් වැසී
යන්නට විය.ස්වල්ප මොහොතකින් ඉතා විශාල පිපුරුම් හඬක්ද අසන්නට ලැබුණු අතර ඒ සමගම
තවත් පිපිරීම් රාශියක්ද ඇසෙන්නට විය...
“ප්‍රහාරය
සාර්ථකයි.... අශාන්ගේ යානය විනාශ වූ බවට සහතික කරන්න පුළුවන්... ඒත්.. “
ප්‍රධාන යානයේ නියමුවරියට කිව හැකි වූයේ
එපමණකි.එක්වරම ඇගේ යානයේ ඉදිරිපස වීදුරුව පාසාරු කරමින් පැමිණි තියුණු උල් රැසක්
ඇයව නිශ්චල කලාය...
ඉන් සුළු
මොහොතකින් වීඩියෝ දර්ශනයද විසන්ධි විය.
මැදිරිය තුල ඉතාමත් දිගු නිහඬතාවක් රජ කරන්නට
විය...
“සේරම
ඉවරයි.... අපි මොනවද දැන් කාන්තා ජනපද නියෝජිතයන්ට දැනුම් දෙන්නේ??”
“තවම
මේක ඉවර නෑ අනූ.... අශාන් කියන්නේ අනතුරු වලින් බේරෙන්න පුදුමාකාර ඉවක් තියෙන
කෙනෙක්.මට ඔහුගේ ශරීරේ එක කොටසක් හරි දකිනකන් එයා මැරුණු බවට තහවුරු කරන්න බෑ.ඒ
අවට සෝදිසි කරන්න පර්යේෂණ කණ්ඩායමක් යවන්න දැන්ම.... “
“අපිට
පොඩි ප්‍රශ්නයක් තියෙනවා මැඩම්....”
“ඒ
මොකක්ද?? “
“සෝදිසි
කණ්ඩායමක් අපේ මූලස්ථානයෙන් යවන්න හැකියාවක් නෑ.අපේ සෙබලියන්ගෙන් මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන්න සිටිය යුතු
අවම ප්‍රමාණය පමණයි ඉතිරිව ඉන්නේ... තත්වය මීටත් වඩා දරුණු වෙනවා මැඩම්....”
“තව
දරුණු වෙන්න හැටියක් නෑ අනූ.කැරලිකාර කණ්ඩායම ඉන්නේ අපේ අත්අඩංගුවෙ නිසා ආරක්ෂාව
ගැන ලොකු ප්‍රශ්ණයක් අපිට ඇතිවෙන්නේ නෑ... ගුවන් යානාවලින් නිහ්ක්ෂේපනය
වූ සෙබලියන් නැවත මූලස්ථානයට හැකි ඉක්මනින් රැගෙන ආවාම සේරම ප්‍රශ්න
විසඳෙනවා..”
“නමුත්
මැඩම්... සෙබලියන්ගේ සිරුරට සවි කරලා තියෙන ජීව ආධාරක පද්ධතිවලින් කිසිම ආකාරයක
සංඥාවක් මූලස්ථානයට ලැබෙන්නේ නෑ... ඒකේ තේරුම.......”
ඇයට ඇගේ වාක්‍යය සම්පූර්ණ කරගැනීමට ප්‍රධාන සෙබලියගෙන් කිසිදු ඉඩක් නොලැබුණි.
“ජීව
ආධාරක පද්ධති ක්‍රියාත්මක නැති වුනත් සෙබලියන් දිවිගලවගන්න නැතිව ඇති කියලා හිතන්න
බෑ අනූ.අපි එතනට අනිවාර්යෙන් පිරිසක් යවන්න ඕනේ.එක්කෙනෙක්ව හරි බේරගන්න පුළුවන්නම්
ඒක නොකර ඉන්න බෑ මගේ අණ හින්දයි මෙහෙම දෙයක් වුනේ.අනික මට අශාන් මියගිහින්ද නැද්ද
කියලා හරියටම දැනගන්න අවශ්‍යයි.... “
“හොඳමයි
මැඩම්... මම කුඩා කණ්ඩායමක් පිටත් කර යවන්නම්” යැයි
පැවසූ අනූ පාලන මැදිරියෙන් පිටව ගියාය
දෙවන ප්‍රධාන සෙබලිය වූ අසනි ඉතා ගැඹුරු
කල්පනාවක නිමග්නව සිටියාය.කිසිදු අයුරක පෙර පුහුණුවක් නොමැතිව පවා තමාගේ හොඳම
සෙබලියන් ක්‍රියාත්මක කල ගුවන්යානා සියල්ලම විනාශ කිරීමට අශාන්ට හැකිවූයේ කෙසේදැයි
යන කරුණ ඇයව නොසන්සුන්තාවකට පත්කර තිබිණි.
****
ගුවන් යානා අංගනය සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී
පැවතුණි.වරින් වර දැල්වුණු රතු ආලෝකය අඳුර මදක් හෝ දුරුකිරීමට සමත්වූ අයුරක්
පෙනෙන්නට තිබිණි.අඳුරු සෙවනැලි අතරින් එක්වරම දැකගන්නට ලැබුනේ චලනය වන සෙවනැල්ලකි.
සෙමෙන් සෙමෙන් චලනය වන්නට වූ එම ඡායාව ස්වල්ප
මොහොතකින් ගුවන් යානා අංගනයෙන් පිටතට පිවිසගත් අතර ඉන් පසු ඉතා වේගයෙන් ඉදිරියට
ඇදී ගොස‍් අතුරුදහන් විය.
ප/ලි
සිදුවූ ප්‍රමාදයට සැමගෙන්ම සමාව අයදිමි.
කොටස් කීපයක් ලියලා අවසන් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට පෝස්ට් කරන්නම්.අමතකම වෙලා තිබිච්ච මේ කතාව ගැන අහලා පොඩි තල්ලුවක් දුන්නු කළු කුමාරට මාගේ ස්තූතිය...
ප/ලි
සිදුවූ ප්‍රමාදයට සැමගෙන්ම සමාව අයදිමි.
කොටස් කීපයක් ලියලා අවසන් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට පෝස්ට් කරන්නම්.අමතකම වෙලා තිබිච්ච මේ කතාව ගැන අහලා පොඩි තල්ලුවක් දුන්නු කළු කුමාරට මාගේ ස්තූතිය...
කාලෙකට පස්සෙ උඹව දකින්න ලැබුන එකම මදැයි.. බොට විතරක් නෙමේ අපිටත් දැන් මේ කතාව මතක නෑ... මුල ඉඳන්ම එන්න වෙයි වගේ..
ReplyDeleteඅප්පට සිරි උබේ පතරංගෙත් ඉවරනැ නේද මගේ එකත් ඉවර නැ
ReplyDeleteමම හිතුවේ කතාව ඉවර වෙලා ඇති කියලා මට කියවන්න බැරි උන කාලේ .....
ReplyDeleteමොකක්ද ගැමියො ගැහැණු ලොවක සිරකරු කියන්නෙ. මට එහෙම එකක් මතක නෑනෙ. :D
ReplyDeleteඉතුරු ටිකවත් ඉක්මනින් දාහං හොඳඑකා වගේ.
ඈ බොල ගැමියො උඹත් ශිශිතරණය වෙලාද හිටියෙ මෙච්චර කල්....මේ කථාවෙ මෙලෝ සංසාරයක් දැන් මතක නෑ බොලං...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙහෙම නම් බැහැ ගොයියෝ..... කතාව බොහොම හොදයි....... දෙයියනේ මමත් ලිව්වෙ නැහැනෙ කාලෙකින්ම.
ReplyDeleteමුල් කොටස් අමතක වෙනවෝ ඉක්මනින් දාපාාාාාාං
ReplyDeleteමට නම් කතාව මතකයි. ආපහු දකින්න ලැබුන එක ලොකු දෙයක්. මගේ පෝස්ට් වල කමෙන්ට් කියවනකොට මට ගැමියා මතක් වෙනවා අරූ හිටියා නම් මොනවා ලියයිද දන්නේ නෑ කියලා.
ReplyDeleteදැන් ඒ කියන්නේ විභාග වැඩ ඉවරද ගැමීස්?
අනිත් ඒවා ලියලනම් තියෙන්නේ පබ්ලිෂ් කරන්න වැඩි වෙලාවක් යන්නේ නෑ නේ. ඔන්න වෙලාව නෑ කියලා ඒවා කල් දානවා හෙම නෙමෙයි
ReplyDeleteවැඩ වැඩි වුනාට බ්ලොග් එක අමතක කරන්න එපා මලේ..!!
ReplyDeleteකතාව දිගටම ලියන්න..
හෆ්ෆේ ඇති යාන්තම් මේක මතක් වෙලා.. හොද එකා වගේ ඉතුරු ඒවා දාන්න කල් ගන්න එපා බං..
ReplyDeleteකතාවේ මුල හරිය මේ ලෝකේ මතකයක් නෑ. දැන් ඉතින් ආයෙම කියවන්ට වෙනවා මුල ඉඳන්...
ReplyDeleteකතාවේ මුල් කොටස් මතක නෑ කියලා කියන්නම බෑ.ඒත් මේ කොටස එන්න ගත වූ කාලය නම් බොහොම වැඩියි.කී දවසක් බැලුවාද මම,අලුතෙන් ලියලද කියලා.....
ReplyDeleteකොහොම හරි මේ කොටස දැන් වත් පළ කිරීම පිළිබඳව ස්තුතියි......
දැන්නම් මතක නෑ බොල
ReplyDeleteමං කිව්වේ කලිනුත්.. උඹ මේක ඉවර කල දාක එන්නං කියවන්න එකපාර. අමතකවෙනවා බොල. වයසක චිප්ස් නොවැ. හරියට වැඩ කරන්නේ නෑ. හොඳ එකා වගේ ඉතුරු ටික ලියපන්..
ReplyDeleteමම මේකට දාපු කමෙන්ට් එකත් නෑනේ ගැමියා. එක පාරක් නොට් ස්පෑම් කියලා ගොඩ දානකල් ඒක වෙනවා. මම ප්‍රොෆයිල් දෙකකින්ම දාන්නම් මේක මොකද මේකත් ස්පෑම් වෙන්න පුලුවන් නිසා.
ReplyDeleteමම මේකට දාපු කමෙන්ට් එකත් නෑනේ ගැමියා. එක පාරක් නොට් ස්පෑම් කියලා ගොඩ දානකල් ඒක වෙනවා. මම ප්‍රොෆයිල් දෙකකින්ම දාන්නම් මේක මොකද මේකත් ස්පෑම් වෙන්න පුලුවන් නිසා.
Deleteඅහ් මේක දාලා නේ.... පහුගිය ටිකේ මං හිටියේ නෑ,.. බොහොම අමාරුවෙන් බුකියේ ස්ටේටු දාලා මූව ගෙන්න ගෙන කතාව ඉල්ලුවේ....
ReplyDeleteනියම කතාව ගැමියෝ. අද තමයි මේ පැත්තට ගොඩ උනේ. කමෙන්ට් වල හැටියටනම් එක කොටසක් දාල සෑහෙන කාලෙකින් තමා අනික දාන්නෙ. එහෙම නොකර ඉක්මනින්ම දානවනම් හොදා මචෝ.
ReplyDeleteපට්ට කතාව ඈ. කිසිම කම්මැලි කමක් නැතිව ඔක්කොම එක හුස්මට කියෙව්ව.
අඩේ ඉතිරි කොටසත් දාහංකෝ ඉක්මණට. ඒක එනකල් බලං ඉන්නවා දැන් සෑහෙන දවසක හිටං.
ReplyDeleteඋබ කැමති දවසක ඉතුරු කෑල්ල දහංකෝ..
ReplyDeleteදැං නං මට තොට කියලා කියලම එපා වෙලා තියෙන්නේ...
අයියෝ ගැමියෝ ඉතිරි කොටස කොයිදෝ...............?
ReplyDeleteමම සෑහෙන වතාවක් මේ පැත්තේ කරක් ගහලා ගියෝ......
*කළු කුමාරයා*
ලියලා තියෙන්නෙ මචං ඒත් මටම ඒක හොඳයි කියලා හිතෙන්නෑ... ආයේ දෙතුන් වතාවක් කියවලා නිවිහැනහිල්ලේ තුන හතරක්ම එකපාර දෙන්නං
Deleteඋබ නම් නාකි බුවෙක් වගේ. ඒ වුනාට උබ නම් සිරා පොරක් බං. මම උබගේ ඔය නපුංසක ශෛලියට හරිම කැමතියි. වෙනස් රසයක් නේද බං? ඇත්තටම උබ ලියන දේවල් කියවන්න අපිට සල්ලි කීයක් හරි දීලා පලයන්..උබලා මහ ලොකුවට බ්ලොග් කරනවා මෙලෝ රහක් නැහැ. මම කරන යෞවනයා බ්ලොග් එකට ඇවිල්ලා බලහං. නැතිනම් පුංචි කුමාරිහාමිගේ වලව්ව බ්ලොග් එකට ඇවිල්ලා බලහං. ගෑනු නමකින් වුනාට ඒකත් මම මයි කරන්නේ. උබලා වගේ මෙලෝ රහක් නැති නාකි අපතයෙක් නෙවෙයි බං අපි වගේ කොල්ලෝ නිසයි බ්ලොග් ජනප්‍රිය වෙන්නේ. උණු වතුර ටිකක් නාලා පාඩුවේ ගෙදරට වෙලා හිටපන්. බ්ලොග් කියලා මනස්ගාත ලියලා රට්ටු හිනස්සන්නේ නැතුව
ReplyDeleteමං හොඳටම දන්නවා චමින්ද අයියා මෙහෙම වැඩ නොකරන බව... ඒ වගේම පුංචි කුමාරිහාමි අක්කාවත් අඳුරනවා... ඔබතුමා වගේ වෙන වෙන පුද්ගලයින්ට ආරූඩ වෙන්න ඒ දෙන්නටම උවමනාවක් නෑ මොකද ඒ දෙන්නම සෑහෙන්න හොඳ ලේඛකයො දෙන්නෙක්.
Deleteඒ දෙන්නගේ කතා අගය කරපු එක මාත් අනුමත කරනවා.මං ඉතිං මගේ පාඩුවේ... බොහෝම ස්තූතියි කොමෙන්ටුවක් කොටන්න හරි ආවට...
මම මේක කලින් කියවල තියෙනවනේ........... ඒ කියන්නේ කලින් මම ඇවිල්ල තියෙනවා මේ පැත්තේ මොකකින් හෝ මට ලින්ක් එක මිස් වෙලා. ඔන්න මම බ්ලොග් රෝල්ට දාගත්ත ආයේ මිස් වෙන එකක් නැහැ. මුල ඉඳල කියවන්න ඕනේ
ReplyDelete