Saturday, December 31, 2011

නව වසරේ හෘද සාක්ෂිය(ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!!)


වසරක් ගෙවී ගිය ඉක්මන හිතාගන්නත් බෑ ඒ වසර තුල කොයිතරම් දේවල් වුනාද.අඩුපාඩු අත්වැරදීම් ගැටුම් ඒ හැම දෙයක් එක්කම මේ ගෙවන්නේ 2011 අවසාන රාත්‍රිය.හෙට ඉදන් අළුත් දවසක්,අළුත් අවුරුද්දක් අපි විතරක් පරණ විදියට ඉදලා කොහොමද?? වෙච්චි වැරදි හදාගෙන ඊළග අවුරුද්ද වැඩදායක අවුරුද්දක් කරගන්න ඕනේ...

ඊළග අවුරුද්ද මට ලොකු කඩඉමක් උසස් පෙළ දෙවන වර ලිවීම කොහොමහරි ගොඩදාගන්න ඕනේ බලාපොරොත්තු ගොඩායි ඒ වගේ බලාපොරොත්තු මේ ලිපිය කියවන ඔයාලටත් ඇති ඉතිං මම එක සිතින් හැමෝටම එළඹෙන නව වසරට සුභ පතනවා.අද රෑට හැමෝම අතීත ආවර්ජනයක් කරෝතින් හොදයි කියලා මට හිතෙනවා මොකද මම අද දවසම ඒක කලේ.මට හිතිච්ච දේ තමයි මම කරපු කිසිම දෙයක් කරන්න ඕනේ වෙලාවට මම කලේ නෑ කියන එක.ඒ වෙලාවට කරන්න ඕනේ දේ තියාගෙන කිසිසේත්ම අදාල නැති දේවල් තමයි හැමදාම මම කලේ.ඊලග අවුරුද්දේ මම කොහොමහරි ඒ අඩුපාඩුව හදාගන්නවා.

ම්ම්ම් තව මම ලියමින් ඉදලා නතර කරපු වෙද ගෙදර සිදුවීම් ඉඩ ලද හැම මොහොතකම ලියන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම හිස් අහසේ සදරු අයියා පිළිබදව පුවත්පතක පළවීම පිළිබද මාගේ සන්තෝසයත් ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් දෙන තෑග්ගක් විදියට අපේ අම්මා මගේ ඉන්ටර්නෙට් බිල නොගෙවන බවට කල ප්‍රකාශයත් මම මේ අවස්ථාවේදි ඉතාමත්ම සංතෝෂයෙන් ප්‍රකාශ කරනවා.ලොව කෙසේ පෙරළුනත් ඉඩ ලද හැම මොහොතකම බ්ලොග් කියවන ඔබ සියළු මිතුරන්ගේ දුක සැප සොයා බලන්ට පැමිනෙන බවට මම පොරොන්දුවකුත් මේ අවස්ථාවේ නොදුටු සයිබර් මිතුරන්ට ප්‍රකාශ කරනවා.මේ අවුරුද්දේ මගේ බ්ලොග් අඩවියේ සැරිසරමින් මා දිරිමත් කල ඔබ සැමට ගොඩාක් ගොඩාක් ස්තූතියි නවකයෙක් විදියට මට අත දුන්නු එක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ වගේම මාසයකට අඩු කාලයක් තුල හිට්ස් 1000 පසු කර යාමට පැමිණි සියළු දෙනාටමත් ඇනෝ කොමෙන්ට්වලටත් බොහෝමත්ම ස්තූතියි.

නොදුටු සයිබර් මිතුරනි ඔබ සැමටත් මෙය කියවන ඔබ සැමටත් සුභම සුභ නව වසරකට ආසිරි පතන්නෙමි.
ඉතිං මේ 2011 වසර වෙනුවෙන් දමන අවසාන පෝස්ටුවයි......

26 comments:

  1. hithe pathum mal pala ganwena suba nawa wasarak wewa

    ReplyDelete
  2. සුබම සුබ නව වසරක් පතනා අතරේ විභාග කඩ ඉම පහසුවෙන්ම ජය ගැනීමට හැකි වේවායි පතමි..!!

    ( බ්ලොග් කෙරුවාව විභාගයට බාධාවක් කර නොගනු අතැයි බලාපොරොත්තු වෙම් )

    ReplyDelete
  3. ගැමියාටත් පවුලේ ඇත්තන්ටත් 2012 වසර වාසනාවන්ත නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....

    අර සෙනා කිව්ව වගේ බ්ලොග් කෙරුවාවට වඩා පොත පතට අවධානය යොමු කළොත් හොඳයි මේ අවුරුද්දෙ.... ටික දවසයිනෙ තියෙන්නෙ දවස්ම වලින් බැලුවොත්.... ඒ ටික පොඩි කැප කිරීමක් කරමු නේද... බ්ලොග් නම් කවද ලියන්න බැරිද....

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  5. සුබ නව වසරක්...
    මල්ලි ඔයා බයෝ නම් කරන්නෙ මම කැමති උපදෙස් ටිකක් දෙන්න...

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා මලයා!

    ReplyDelete
  7. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් මල්ලි..මේ අවුරුද්දෙ හොඳට පාඩම් කරල කොහොමහරි යුනිවර්සිටි යන්න ඕනෙ..

    ReplyDelete
  8. ගැමියාට තවත් ගැමියෙකු වන මගෙන්.. නව වසරකට ආසිරි ...

    ReplyDelete
  9. සුභ නව වසරක් වේවා ! තව දුර යන්න ආසිරි !

    ReplyDelete
  10. @බට්ටි අක්කේ,

    ඔයාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තූතියි අක්කේ
    ------------------------------------------------
    @Senna අයියේ,

    බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බ්ලොග් වලට වඩා වැඩි අවධානයක් විභාගෙට යොමු කරන්නයි ඉන්නේ ඒ නිසා ඔයාලගේ අඩවි වලට මම එන එක ඩිංගිත්තක් අඩුවෙයි(අම්මා බිල ගෙවන්නේ නෑ කිව්වනේ)
    ------------------------------------------------
    @Miyuru අක්කෝ,

    ඔයාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බොහෝම ස්තූතියි අක්කේ ඔයාගේ උපදෙස් වලට අර බැචා කථාව කියෙව්වාම තමයි මට දුක හිතුනේ මටත් ඒ අත්දැකීම් විදින්න ආස නිසා...එදා දුන්නු උපදෙස් වලටත් ස්තූතියි.සෙනා අයියා කිව්වා වගේ බ්ලොග් වැඩිය බාධාවක් කරගන්නේ නෑ.මැරෙනකන් බ්ලොග් ලියතෑකි ඒත් විභාගේ එහෙම බෑනේ.
    ------------------------------------------------
    @ඔබ නොදු‍ටු ලොවක්,

    බොහෝම ස්තූතියි අයියේ ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ------------------------------------------------
    @Gordonia ceylanica,

    බොහෝම ස්තූතියි ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මම Maths කරන්නේ අයියේ

    Maths
    physics
    IT

    ඒ උනාට උපදෙසක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
    ------------------------------------------------
    @පැණි දොඩම්,

    ඔයාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා අයියේ
    ------------------------------------------------
    @සිත්රූ සිහින අක්කේ,

    ඔයාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා අක්කේ.හි හි කැම්පස් එක ලගටවත් ගියොත් ලොකු දෙයක් හම්මේ
    -----------------------------------------------
    @kumaraya අයියේ,

    අපි හැමෝම ගැමියෝ තමයි අයියේ ඔයාටත් සුභ නව වසරකට ආසිරි
    -----------------------------------------------
    @sAm sRi අයියේ,

    ඔයාටත් එසේම වේවා අයියේ.ජය වේවා

    ReplyDelete
  11. වාසනාවන්ත සුබ නව වසරක් වේවා මල්ලි !

    ReplyDelete
  12. නව වසරට සුභ පැතුම්
    සිතෙන පතන යහපත් වූ සියල්ල එලෙසින්ම ඉටුවේවා!
    වසර පුරාම ලස්සන අදහස් වලින් විතරක්ම සිත පිරී පවතීවා!

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා !!!වාසනාවන්ත අනාගතයක් වේවා!!

    ReplyDelete
  14. සුභ නව වසරක් වේවා !!!වාසනාවන්ත අනාගතයක් වේවා!!

    ReplyDelete
  15. ලැබූ නව වසර..සිතන සිතුම්, පතන පැතුම් එලෙසින්ම ඉටු වන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වෙන්න කියල මාත් ඉතා සිතින්ම ප්‍රර්ථනා කරනවා මල්ලියෝ... ජය වේවා!!!

    ReplyDelete
  16. සුභ නව වසරක් වේවා..
    ජයෙන් ජයම වේවා..

    ReplyDelete
  17. අම්මගෙන් ලද විභාගේ තෑග්ග ගැන මමත් සන්තෝස වෙනවා.ඇය දුන් තෑග්ග සුහද මාරුවකින් ලිහිල් කරගන්න හැකියාවක් තියෙයිද.

    ReplyDelete
  18. අයියටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!

    ReplyDelete
  19. ගැමියා මල්ලිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඉගෙනීමේ කටයුතුත් හොඳින් කරගන්න.. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුබ පතනවා...

    ReplyDelete
  20. ඔබටත් සුභ නව වසරක් වේවා මල්ලි....

    දැන් Maths වලටත් IT තියනවද ... දන්නෙත් නෑ නොවැ...

    ReplyDelete
  21. නව වසරට සුබ පැතුම් ...

    දැන් ඔයා අයී. ටී කරන්නෙ කෙමිස්ට්‍රි අත හැරලද? එතකොට කැම්පස් යන්න පුලුවන්ද ? නොදන්නකමට අහන්නෙ හොදෙ ! අපි ඔහොම කලේ නැ නෙව.. කොහොම උනත් ඔය කෙම (කෙමිස්ට්‍රි) නම් අත අරින්න පුලුවන්නම් බොහොම හොදයි ... (මට නම් බෑ ඕක)

    ReplyDelete
  22. @Praසන්ன අයියේ,

    බොහෝම ස්තූතියි අයියේ ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    -----------------------------------------------
    @වැලිමැඬියා,

    බොහෝම ස්තූතියි මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා මේ මුල්ම පැමිණිමයි මයෙ හිතේ.ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    -----------------------------------------------
    @කල්ප,

    බොහෝම ස්තූතියි කල්ප අයියේ මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ------------------------------------------------
    @Shani අක්කේ,

    ඔයාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.බොහෝම ස්තූතියි.
    ------------------------------------------------
    @වර්ණා අක්කේ,

    බොහෝම ස්තූතියි අක්කේ ඔයාගේත් සියළු ප්‍රාර්ථනා මල්පල ගැන්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා.
    -----------------------------------------------
    @අසරණයා අයියේ,

    සුහද මාරු සොරි තමයි අයියේ මොනා කරන්නද තව මාස 6ක් යනකන් දුකසේ රීලෝඩ් එකක්වත් දාගෙන බ්ලොග් විතරක් එනවා බුකියෙ යන්නත් බැරිවෙයි.හි හි මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
    ------------------------------------------------
    @කෝඩුකාරයා,

    එසේම වේවා මලයන්ඩි.ඔයාගෙත් සියළුම බලාපොරොත්තු මල්පල ගැන්වේවා.
    -----------------------------------------------
    @Ice (අයේෂා කුලතුංග),

    බොහෝම ස්තූතියි අයිස් අක්කේ.අනිවා මගේ වැඩත් කරගන්නවා හැබැයි දුකින් උනත් බ්ලොග් ලියන එක ඔයාලට කොමෙන්ට්ස් දෙන එක සෑහෙන්න අඩු වෙයි තරහවෙන්න එපා හොදේ
    -----------------------------------------------
    @Harshana අයියේ,

    එසේම වේවා අයියන්ඩි.මම අළුත් සිලබස් කරන්නේ පරණ එක අතෑරියා මට කෙමිස්ට්‍රි පේන්න බෑ කොටලා පෙව්වත් පෙවෙන්නේ නෑ IT කරන එක සැපයි.අනික්වා නම් තේරෙනවා ඩිංග ඩිංග.
    ------------------------------------------------
    @Sammani අක්කේ,

    ඔයාටත් සුභ නව වසරක් වේවා අක්කන්ඩි.කැම්පස් යන්න පුළුවන් ඒත් පරිගණක විද්‍යාව විතරයි දන්න තරමින් කරන්න පුළුවන් වෙන්නේ වැරදිලා හරි ගියොත්.කෙමිස්ට්‍රි නිසා මම මුල්ම සැරේ මුළු විභාගෙම අත ඇරලා දැම්මා මෙලෝ මලදානයක් මට තේරෙන්නෑ අප්පා මැත්ස් කරන කෙනෙක්ට මේවා වැඩක් නෑ කියලා කෙමිස්ට්‍රි මිස් මාත් එක්ක හෙන තරහිනුත් හිටියේ ඉස්කෝලෙදි.(මටත් බෑ අප්පා)

    ReplyDelete
  23. මම නම් අලුත්..හදිසියේ දැකලයි ගොඩ උනේ..නිතරම එන්නම්..ඉන්ටනෙට් බිල ගැන නම් දුකයි..අම්මලා කේන්තියට ඔහොම කිව්වට ඇත්තටම කරන්නේ නෑ..සුභ පතනවා අලුත් අවුරුද්දට

    ReplyDelete
  24. @පුංචි කුමාරිහාමි,

    බොහෝමත්ම සාදරෙන් ඔයාව පිළිගන්නවා අක්කේ ඔයාටත් සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....තාම අම්මා තීරණේ වෙනස් කරන්නේ නැති පාටයි :((

    ReplyDelete
  25. ඔන්න ඔක්කොම ලිපි ටික කියවලා බැලුවා .......

    නියමයි ..වෙද ගෙදර කතා ටික දාපන් මලයෝ ..
    ඒ වෙනස් මාතෘකා ටික එල

    ReplyDelete
  26. @වැප් අයියේ,

    බොහෝම ස්තූතියි අයියේ වෙද ගෙදර සිද්ධි දාන්නම්කෝ එකම වගේ දේවල් නිසා පොඩි විරාමයක් දුන්නේ.මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි සාදරයෙන් පිළිගන්නවා ඔයාව

    ReplyDelete