Sunday, January 15, 2012

මගේ ආදරේ-1 කොටස(ඇත්තම ආදරේ සහ පාළු මැකීමේ ආදරේ)



ඔව් සුදූ ඒ කතාව ඇත්ත මම ඔයාට කියන්නමයි හිටියේ ඒත් ඔයාට දුක හිතෙයි කියලයි කිව්වේ නැත්තේ....තරහද

“…………………………………………………………”

අනේ ඇයි කතා නැත්තේ හිත රිදුනනම් සමාවෙන්න අනේ හොද ලමයා වගේ මට හෙලෝ කියලවත් කියන්න

හෙලෝ

මට සමාව දෙනවද නදී

ඔයා වැරැද්දක් කරලා නෑනේ ඒ නිසා සමාව ඉල්ලන්න එපා හොදේ මම දන්නවා ඔයා මට කවදාවත් වැරැද්දක් කරන්නේ නෑ කියලා මට ගොඩක් දුක හිතුනා ඒකයි කථා කරගන්න බැරිවුනේ. දැන් ඔයා මගේ විතරමයිනේ ඒ නිසා කලින් වෙච්චි දේවල් මම ගනන් ගන්නේ නෑ හැබැයි එක පොරොන්දුවක් පිට

ඒ මොකක්ද

මට ඒ කාලේ වෙච්චි හැම දෙයක්ම කියන්න ඕනේ හා ද කියන්න.හැබැයි ඔයාටත් දුකක් හිතෙන්නේ නැත්තම් විතරයි

මම කියන්නම් නදී

මගේ හිත අතීතයට ගමන් කලේ නිතැතින් මාව නතර වුනේ 8 වසර පන්ති කාමරේ.නිල් පාට කොට කලිසම් ඇදගත්තු අපේ ලමා කාලේ හරිම සුන්දරයි.මම මගේ කෙලි පොඩිත්තට මගේ ජීවිතේ  ආදරේ කරපු අය ගැන හැම දෙයක්ම කියන්නයි යන්නේ දින වකවාණු ඇතිව ඒත් එයා දන්නේ නෑ මගේ ජීවිතේ ඇරඹෙන්නේ එයාගෙන්ම කියලා.

6 වසරෙදි ලව් ලියුමක් ලියන්න අදහස් දීලා අම්බානක කේස් එකක්ඇදුනායින් පස්සේ මට ගෑනු ලමයි ඇලජික් කොච්චරද කිව්වොත් උන් වාඩිවෙලා හිටපු පුටුවක්වත් එපාමයි.නිකන් හරි කෙල්ලෙක්ගේ ඇගේ වැදුනොත් මම ආදරේ කරන ඉස්කෝලේ දාලා යන්න වෙයි කියලා මට ගොඩක් බයක් තිබුනා.

දවසක් සිංහල පීරියඩ් එක වෙලාවේ මගේ පෑනේ තීන්ත ඉවර වුනා පෝලිමේ එකෙක් ලගවත් පෑනක් නෑ මම ලියවෙන්නැති පෑන හොල්ල හොල්ල හිටියා ලියනවා වගේ එතකොට එහා පැත්තෙන් ගෑනු ලමෙක්ගේ කටහඩක් ඇහුණා.

මේ....”

මට කතාකරන්නේ රංගිකා(සැබෑ නම නොවේ) මම ඇයි කියලා ඇහුවාම මට පෑනක් දික් කලා ලියන්න කියලා....අනේ මම නම් ගනියි මුන්ගෙන්.

ආනේ තෑන්ක්ස් ඕක තියලා ඉදගන්න හොදේ

කෙල්ලගේ මූණ නිකන් පු* වගේ වුනා හි හි මට මාර ආතල් එදා ඒ පීරියඩ් එකම අයිස ගැහුවේ.ඔහොම කාලේ ගෙවිලා ගිහිල්ලා අගෝස්තු නිවාඩුව ආවා ඒ තමයි මම ආසම කාලේ ඇයි දන්නවද අපි හැමෝම නුවර යනවා.නෑදෑයෝ සේරම එකතු වෙනවා නුවර අයියයි,හංසියි මායි තමයි තුන්කට්ටුව හංසි මගේ වයසේ අපි ඉතින් ගිය වෙලාවේ ඉදලා සෙල්ලම සෙල්ලම ඉවරයක් නෑ.ක්‍රිකට් කිව්වාම පුදුම උණක් තිබුනේ.

සුපුරුදු පරිදිම අපි තුන්දෙනා සෙල්ලම් කර කර ඉන්නකොට අපේ නුවර ගෙදරට කවුදෝ මනුස්සයෙක් ආවා පුංචිම පුංචි හුරුබුහුටි කෙල්ලක් එක්ක 5 වසරේ විතර පෙනුමයි ඒ ලමයට.හංසි දුවගෙන ගියා එයා ගාවට ගිහිල්ලා දෙන්නම කතාව.හැබැයි නුවන් අයියට කෙල්ල ගැන වගේ වගක් නෑ එයාගේ සිහිය මගේ බෝලේ.මට මොන බෝලද ඒ ලමයා දැක්කාම මට අමුතුම දෙයක් වුනා ආයේ එයාගේ මූණ බලන්නමයි හිතුනේ.

හිමින් සීරුවේ කුස්සිය පැත්තෙන් ගෙට ගියපු මම මුකුත් දන්නේ නෑ වගේ ඉස්සරහට ආවා එතකොට තමයි මම ඒ ලමයාගේ මූණ දැක්කේ.හරිම හුරුබුහුටි සුදුම සුදු කෙල්ලෙක් එයාගේ බෝල ඇස් දෙකෙන් මගේ දිහාම බලන් ඉන්නවා. එයා කොන්ඩේ කොටට කපලා හිටියේ.දිග සායකුයි බ්ලවුස් එකකුයි ඇදලා.

එතකොටම හංසි කතා කලා අපි සෙල්ලම් කරමු කියලා මාත් පැනලා හා කිව්වා ඒත් අර ලමයා කිව්වා බෑ කියලා.මොනා කරන්නද හා කියපු නිසා නුවන් අයියා මාව ඇදගෙන ගියා හංසි අර ලමයා එක්ක ගේ ඇතුලට ගියා.

අපි සෙල්ලම් කරන්න හදනකොටම හංසිත් කෑ ගහගෙන ආවා අපිත් එනෝ කියලා අර ලමයත් ඇවිත් හිටියා මට එයාව දැක්ක ගමන් බකස් ගාලා හිනාවක් ගියා.....

කවුද මේ සීබ්‍රා...... කොහෙන්ද මෙයාව අහුලගත්තේ

සෙල්ලම් කරන්න ඕනේ නිසා හංසිගේ ඇදුමක් එයා ඇදගෙන. එයා ඇදන් හිටියේ සීබ්‍රා කෙනෙක්ගේ වගේ ඩිසයින් එකක් තියෙන කලු කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි.

ආ කවුද දන්නේ නෑ රැවුල් කොට එල්ලන් ඉන්න එළුවා

හුටා මම කවදාවත් මෙහෙම චාටර් වෙලා නෑ නිකට යටින් චුට්ටක් රැවුල් ගස් තිබුනට කපන්න කාලේ ඇවිත් තිබුනේ නෑනේ එතකොට මම කට වහගත්තා ඒත් කෙල්ල නෙමේ කට වැහුවේ.ඔන්න ඉතින් මාත් නිකා හිටියේ නෑ හැකි හැම අවස්ථාවකම කෙල්ලට හොදට ඇමතුවා.දවසින් බාගයක් ගෙවෙද්දි එයා මාත් එක්ක හොදට යාළුයි

අපේ බෝලේ එහා වත්තට ගියපු නිසා ප්ලාස්ටික් බෝලයක් හොයාගෙන කැච් පාස් කරන්න ගත්තා මම වැඩිහරියක්ම කැච් දුන්නේ මගේ නව මිතුරියට.එයා ඒවා අල්ලන්න කට ඇරගෙන අත් දෙක වට්ටියක් වගේ කරගෙන උඩ බලාගෙන එහාට මෙහාට දුවන හැටි මට තාමත් මතකයි.අපි ඇතිවෙන්න සෙල්ලම් කරා රෑ වෙනකන්ම.

අපි තේ බොනකොට එයා කට පුච්චගත්තු මට හිනාවුනා ඒ හිනාවට මගේ ඇග පුරාම හිරියක් දිව්වේ අමුතුම හැගීමක් එක්ක.8 වසර කියන්නේ සිත් ඔකද වෙන කාලේනේ.මම එකපාරටම බැලුවේ මගේ නියපොතු දිහා නියපොතු මැද්දෙන් සුදු ඉරක් ගිහින් තියෙන්නේ...

මචං මෙහෙම නියපොතු වල ඉරි හැදෙන්නේ කෙල්ලෙක් යාළු වෙන්න තියෙනවනම්

මජ්ජා කියපු මේ කතාව ඇත්තමද? මම ආයෙත් ඒ ලමයා දිහා බැලුවා එයා හරිම ලස්සනට හිනා වෙනවා නල දත් එයාගේ හිනාව පුදුමාකාර ලස්සනක් ගේනවා ඇයි චූටි ඩිම්පල් එක...මට ගිහින් ඇඟිල්ලෙන් ඔබන්න හිතෙනවා. මෙයා කොයිතරම් සුන්දරද මම එහෙම ගොඩක් වෙලා බලන් ඉන්න ඇති.

හෙලෝ හෙලෝ ඔයා ඉන්නවද ඔයා  අකමැතිනම් මට කියන්න එපා හොදේ

මම තාම ඉන්නේ කෝල් එකේ ඒත් හිත අතීතයේ

නෑ නෑ මම කියන්නම්කෝ ඔහොම ඉන්නකෝ ඔයාට මතකද අපි මුලින්ම නුවන් අයියලාගේ ගෙදර හම්බුනු දවස අපි සෙල්ලම් කලේ රෑ වෙනකන්ම මට ඒ සිද්ධි මතක් වුනා ඔයාට මතකද

ඔව්ව්ව්ව්ව් මතකයියි මගේ එළුවා මාව බයිට් කරන්න එහෙම ආවේ මට සීබ්‍රා කියාගෙන

අන්න එදා තමයි නදී මම මුලින්ම කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ වෙන කාටවත් නෙමේ ඔයාට හවස අප්පච්චි ඔයාව එක්කන් යද්දි මට ගොඩක් දුක හිතුනා.මම ඔයා දිහාම බලන් හිටියේ ආයේ ඔයාව හම්බුවෙන්න කවදා ලැබෙයිද හිතලා.ඔයා මගේ දිහා බල බල අප්පච්චි එක්ක ගියා.......හ්ම්ම්ම්ම්ම් මම හිතුවේ නෑ නදී ඔයාව ආයෙත් මට දකින්න ලැබෙයි කියලා

මමත් එහෙමයි මමත් ගොඩක් දුකින් ගියේ මම බලන් හිටියේ ඔයා මට ටටා කියයි කියලා ඒත් ඔයා කිව්වේ නෑනේ මම ගෙදර ඇවිත් ඇඩුවා ගොඩාක් ඔයා තමයි මගේ ජීවිතේ මුල්ම පිරිමි යාළුවා මට අදටත් ඉන්නේ ඔයා විතරමයි

ඇයි එදායින් පස්සේ ආයේ එහේ ආවේ නැත්තේ මම නුවර ආපු හැම සැරේම ඔයා එනකන් බලන් හිටියා හංසි ඔයා ඉන්න තැනක් දැනන් හිටියේ නෑ නැත්තම් අපි හම්බුවෙන්න මෙච්චර කල් යන්නේ නෑ

ලොකු ලමයෙක් උනාම කොහේවත් යන්න දුන්නේ නෑ නැත්තම් මමත් ගොඩක් ආසාවෙන් හිටියේ මට ඔයාව මතක් වෙන්න එකම එක දෙයක් තිබුනු නිසා මට වැඩිය පාළු දැනුනේ නෑ


ඒ මොකක්ද

ඔයා ලියලා තිබුනු කතා පොතනේ.මම හංසිගෙන් ඒක ඉල්ලගත්තා ඒ පොතේ පිටිපස්සේ කවරේ ඔයාගේ බෝල මූණ තිබුනානේ මම ඉතින් ඔයාව මතක් වෙනකොට ඒක දිහා බලාගෙන හිටියේ

අනේ කොයිතරම් අහිංසකද මම ආයේ එනකන් 2004 ඉදන් 2010 වෙනකන් මං වෙනුවෙන්ම ඉදලානේ.ඒ පොත ලිව්වේ 8 වසරෙදිමයි ඒත් ඒ පත්තරේ දැන්වීමකට කෙටි කතාවක් ලියලා යවලා ඒකෙන් තේරිලා ඒ ගැන විස්තර පසුවට.

නදී ගැන නිතරම මතක් වෙද්දි මට ඉන්න බැරිවුනා.ඒත් නුවර යන්නෙත් අවුරුද්දට එක පාරයි 2005 අගෝස්තුවෙ ගියාට නදී නුවන් අයියලාගේ ගෙදර ආවේ නෑ. නදී ගැන හීන මව මව ඉස්කෝලේ ආවාම අර රංගිකා කෙල්ලව මට පෙනුනේ මගේ නදී(ඇත්තටම දෙන්නම ටිකක් එක වගේ) විදියටමයි.ඉතින් නදීගේ රූපේ වගේ රූපයක් තියෙන මේ කෙල්ල දිහා බලාගෙන ඉන්න මම පුරුදු වුනා ඒ එයා දිහා බලන් ඉද්දි නදීව මට මතක් වෙන නිසා.

මේ බලන් ඉදිල්ල මගේ යාළුවන්ට දිරෙව්වේ නෑ ඒවාට හේතු හොයන්නෙත් නෑ කැලෑ පත්තර ගහනවා.මම යාළුවෙක්ට කිව්වා රංගිකා ලස්සනයි නේ කියලා එදා ඉදන් 9 වසරට එනකන් රංගිකාගේ නම කියලා මට කරපු විහිළු වැඩිවුනා අවසානයේ රංගිකා මට කැමතියි කියලා ආරංචියක් ආවා යාළුවන්ගෙන් මාර වදේ ඉතිං  එයාගෙන් අහන්න කියලා.නිකන් ආපු චාන්ස් එකනේ මොකෝ මම යාළුවෙන්න පස්සෙන් ගියෙත් නෑනේ ආයේ මොකටද මේ අස්සයාගේ දත් ගනින්නේ කියලා ලස්සන ඔටෝ එකකින් කොලයක් ඉල්ලගත්තු මම දන්න වැඩ කිඩ දාලා ලස්සනම ලස්සන ලියුමක් ලිව්වා රංගිකාගෙන් කැමැත්ත නිල වශයෙන් අහන්න.

දැන් ඒක ලස්සනට දෙකට තුනට නවලා දෙන්න කියලා නැගිට්ටා විතරයි......

අනේ දෙයියනේ ලියුම් මට අපලද මේ තරම්...................

ප/ලි

6 වසරේ ලව් සීන් එක ලියද්දි මම කිව්වනේ ආයේ ජීවිතේට ලියුම් ලිවීම භාවිතා කලේ නෑ කියලා ඒක එහෙම්මයි හොදේ කැමැත්ත අහන්න ලියුම් පාවිච්චි වුනේම නෑ ඊළග කොටස ලගදීම බලාපොරොත්තුවන්න.

උඩ පින්තූරේ හැදුවේ රේල් පාරේ ඉන්නේ මම කියන්නත් පාර මැද ඉන්නේ නදී කියන්නත්....හැබැයි ඒ දෙන්නා ඉන්නේ තරහ වෙලා නම් නෙමෙයි දෙන්නට දෙන්න දකින්න නැති පාළුවට දුකින්.


මේ වගේ කථා අහන්න ඔයාලා කැමති වෙයිද දන්නේ නෑ ඒ නිසා ඔයාලගේ අදහස් යෝජනා චෝදනා එවන්න ඕනෙම දෙයක් බාරගන්නවා....මම ආදරේ විකුනන් කනවා නෙමෙයි.අවසරේ අරගෙනමයි ලියන්නේ.මම එයාට ගොඩක් ආදරෙයි කියලා ඔයාලාට කියන්නයි මට ඕනේ වුනේ

59 comments:

  1. ඔය කාලේනම් ෆුල් ආතල් නේද...කියමුකො බලන්ඩ ඉතුරු ටිකත්...

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික තාම ලිව්වේ නෑ ඒකත් ලියලම දාන්නම්කෝ ආතල් තමයි දැන් එව්වා මතක් වෙද්දි ලැජ්ජාවේ බෑ අයියේ....ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  2. නැගල යන ආදරයක් නේ.ඒත් පොඩි කාලෙම කරගෙන තියෙන දෙයක්..බලමු ඊළගට වෙන්නේ මොකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ කරගත්තේ ආදරයක් නෙමෙයි අයියේ බලාගෙන යද්දි ඒක ආකර්ශනයක් හි හි...නුවරදි හම්බුනු ලමයට තමයි අදටත් ආදරේ කරන්නේ මීට අවුරුදු දෙකකට කලින් තමයි ඒ ආදරේ පටන් ගත්තේ නිල වශයෙන්...

      ඊලගට තව පොඩ්ඩෙන් රෙදි ගැලවෙනවා හි හි ඉක්මන්ට දාන්න ට්‍රයි කරන්නම්කෝ අයියේ බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  3. කටේ කිරි සුවද යන්නත් කලින් හොදයි හොදයි. බලමුකෝ ඉතිරි ටික. අවංකවම කියනව වෙගේ. ඒකෙන් කථාවේ අගය වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. හි හි 8 වසර අවසානයේදි පන්තියේ බාගෙට බාගයක් යාළුවෙලා හිටියේ වෙද මහත්තයෝ මම ඉතිං නිකන් දෙනවනම් ඕන එකක් කියලා තමයි ඒ කෙල්ල එක්ක යාළු වුනේ හැඟීමක් කියලා දෙයක් තිබුනේ නෑ....

      මගේ ඇත්තම කතාව තමයි මේ වෙලාවකට ඒක ෆිල්ම් එකක් වගේ...නදීව මුලින්ම හම්බුවෙන්නේ 8 වසරෙදි ඒත් අවුරුදු ගානක් එයා ගැන හිතුවට ආයේ එයාව හම්බුවෙන්නේ 2010 දී.එතැන් පටන් අද වෙනකන් ආදරේට අවුරුදු දෙකක්....

      බොහෝම ස්තූතියි වෙද මහත්තයෝ කොමෙන්ටුවට්

      Delete
  4. යකෝ අටේ පන්තියේදි මුට ඇවිත් තියෙන අදහස්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව හි හි එහෙම තමයි මලේ මික්ස් ඉස්කෝලෙකට යද්දි ඕනැ වුනත් නැති වුනත් මේවා මේ විදියට වෙනවා හි හි

      Delete
  5. පොඩි වුනාට මුන්ට තිබිලා තියෙන විසයක්...අපි නම් ඔය කාලෙ ඕවා ගැන දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඉස්සරෝම කාලේ දැන් වගේ ටෙලිනාට්‍ය වලින් ලමා මනස දූෂ්‍ය වුනේ නෑනේ අයියේ දැන් පෙන්නන ෆිල්ම් නිසයි ටෙලි නාට්‍ය නිසයි ලමා මනස විකෘති වෙනවා කවුරු කොහොම කිව්වත් කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නෑ දැන් ඔක්කොම එකයි....

      කාලය මැව් වෙනසක අරුමේ තමයි අයියේ මොනා කරන්නද.හෙන විනාසයක් වේගෙන යන්නේ අපිට නම් දැන් තේරෙනවා ඒත් තාම පුංචි ලමයින්ට මේවා තේරෙන්න ගොඩක් කල් යයි...

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....

      Delete
  6. යකෝ හොඳම තැනින් නවත්තලානේ... ඉක්මනට අනික් කෑල්ල ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඊලගට ලියන්න ඕනේ සිද්ධියට මේ සිද්ධිය නොලියා බෑ.තාම ඊලඟ එක ලිව්වෙත් නෑ අයියේ ටික දවසකින් දාන්නම්කෝ...

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  7. ආ මේ ඔයාගෙ ඇත්තම ආදර කතාවද?..පොඩි කමට නෙමෙයිනෙ මේකගෙ වැඩ..6 වසරෙදි මුලින්ම ලව් ලෙටර් එකක් ලිව්ව..දැන් 8 වසර වෙද්දි කෙල්ලකුත් යාලු කරගන්න ට්‍රයි..:D

    පාඩම් වැඩ පාඩු කරගන්නැතුව ඉක්මනට ඉතුරු ටිකත් ලියමු..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව පොඩි කාලේ ඉඳලා පුරුදු වෙන්න එපැයි අනාගතේට මුහුණ දෙන්න හි හි...

      හැබැයි ඉස්කෝලේ ඉන්න කෙල්ල යාළු කරගන්න මම ට්‍රයි කලේ නෑ ඒක නිකන්ම සෙට් වුනා.මම කිසිම මහන්සියක් දැරුවේ නෑ.ඒ දවස්වල පොඩ්ඩක් ජනප්‍රිය ගනයටත් මාව වැටිලා තිබුනනේ...

      හැබැයි ඒ කාලේ ඉඳන්ම කැමැත්ත තිබුණේ මාත් එක්ක ලස්සනට හිනාවෙලා කතා කරපු 8 වසරේ හම්බුනු මගේ පුංචි නදී ගැන...රංගිකා නදී වගේම නිසා නදී නැති පාළුවට තමයි රංගිකා ලැබුනත් කමක් නෑ කියලා හිතුනේ දැන් තමයි තේරෙන්නේ ඒක මහා ගොං වැඩක් ආදරේ replace කරන්න බෑ කියලා...

      පාඩම් වැඩත් කෙරීගෙන යනවා මගේ හොඳ මිතුරෙක් වන මණ්ඩිපාලගේ උදව්වෙන්

      Delete
  8. අහ්හ් ආ... අට වසරේ උනාට මල්ලි හොඳට පැහිල ඈ...:) මේ මල්ලි ඔයා 8 හිටියේ මොන අවුරුද්දෙද?

    ReplyDelete
    Replies
    1. නැතුව කොහොමෙයි ලොකු ඉස්කෝලෙකට යද්දි ටිකක් පැහෙන්න එපැයිනේ නැද්ද හි හි..

      ම්ම් මම 8 වසරට ආවේ 2004දි සා/පෙ 2007 උ/පෙ 2010 දෙවන වර මග ඇරුනා දැන් මේ අවුරුද්දේ ආයේ සා/පෙ

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුව

      Delete
  9. ආහ් නැට්ටට කිරි එරෙන කාලෙනෙ..අර ඇඟ නිකං හිරිවැටිල වගේ යන්නේ...සා...සෝක් කාලෙ.. අපේ සීය නං කිව්වෙ කරල පැහෙන කාලෙ කියල....

    X-Porter

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත මේ කාලෙට පොල් ගසුත් පේන්නේ මල් ගස් වගේලුනේ x-porter දැකලා පුරුදුයි බොහෝම ස්තූතියි කොමෙන්ටුවක් දාලා ගියාට

      Delete
  10. ගැමි මල්ලි... අදයි මෙි පැත්තට හා..හාපුරා කියලා ආවෙි. කොහොම උනත් ඉතිරි කොටසත් ඉක්මනටම දායි කියලා බලාපොරොත්තු වෙනවා. කවුරු කොහොම කිවිවත් පොඩි වයසේදි ආදරය කරනකොට ඒකේ මාර ගතියක් තියෙනවා නේද? කරුමෙි කියන්නේ එහෙවි වාසනාවක් මට ලැබුනේ නැහැ නේ.. මොනවා උනත් ගැහැණු ලමයගෙන් අවසර ගත්තයි කිවිව කියන එක නමි හොද ලක්ෂණයක්. ( මං කිවිවෙි මෙි පුද්ගලික ජිවිතයේදි....)

    ජයවෙිවා!!!

    ReplyDelete
    Replies
    1. @sihina අයියේ,ගෙදරට හොරා ඉස්කෝලෙදි ආදරේ කරද්දි නම් මාර ගති තමයි ඒ වුනාට ඒ ඇත්තම ආදරේ නෙමෙයි කියලා දැනුයි තේරෙන්නේ....ඒ කාලෙදි ආදරේ කරලා හිත රිදවගෙන මෝඩකමට ඉගෙනීම කඩාකප්පල් කරගන්න නොලැබුණු එක වාසනාවක් අයියේ...හි හි අවසර ගන්න එපැයි ඉතිං එහෙ මලයන්ඩිත් බ්ලොග් කියවනවනේ...ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  11. යංතං රැවුල වැවෙනකොටම වැඩේ පටං අරන් නේද?
    ඊගාව කොටසත් ලියමු.

    ReplyDelete
    Replies
    1. එහෙම නොකලා නම් කියන්න වෙන්නේ "අයියෝ මාගේ යව්වන කාලේ" කියලනේ හි හි බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  12. ලස්සන ආදර කතාවක් නොවැ.. ඉතිරි කොටසත් ඉක්මනට දාන්ට.. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ සාදරයෙන් මගේ බ්ලොග් අඩවියට පිලිගන්නවා ඉතිරිය ලගදීම

      Delete
  13. ඔය ලියලා තියෙන්නේ යසට...ඉස්කොලේ යනකාලේ ආදරේ පිස්සු පිකුදු කිව්වාලු...ජය මචො

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා හි හි ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  14. අනේ..... මචං උපරිමයි බං උබ ලියනවා..

    සිතු - කුසූ කතාවට රසිකයෝ නැති වෙයිද.. හෙහ් හේ.... එල එල.. :)

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම වෙන්නේ නෑ අයියේ මම ඒ කතාවේ හොඳ රසිකයෙක් මේක ඒ තරම් ගති නෑ මෙහෙම හරි ලියන්නේ මේ මගේ ඇත්තම කතාව හින්දයි...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  15. මාවත් ගෙනිච්චා මගෙ පොඩි කාලෙට...මාත් ඔය වයෙසෙදි තමයි ඕවා පටන් ගත්තෙ..අෆෝයි ඒ කාලෙ කරපු පිස්සු වැඩ....දිගටම ලියන්න ආයිත් එන්නම් ඉතුරු ටික බලන්න...

    ReplyDelete
    Replies
    1. මේ කාලේ පිස්සුම කාලයක් තමයි ජීවිතේ සුන්දරම කාලයක් වෙන්න ඇති ඒ තරම් යාළුවෝ ගොඩක් එක්ක සන්තෝසෙන් හිටිය...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  16. හ්ම්ම් මරු මරු මල්ලි ඉතිරියත් දාන්නකෝ ඉක්මනින්ම

    ReplyDelete
    Replies
    1. @ වර්ණා - ඇඟත් හිරි වැ‍ටුනා ඔයාගේ කොමෙන්ට් එක දැකලා.....

      Delete
    2. අනිවා අක්කේ ලඟදීම දානවා මම හිතුවේ නෑ මේකට හොඳක් අහන්න ලැබෙයි කියලා ඒක නිසා ලිව්වේ නැත්තේ...තව දවසකින් දෙකකින් ලියලා දානවමයි..ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
    3. @ඔබ නොදුටු ලොවක්-ඇයි අයියේ ඒ හිරිවැටුනේ

      Delete
  17. එළ එළ මචං අකමැතිද අහනවා ..ලියන්න ලියන්න දිගටම...
    @ සැමෝ- බය වෙන්න එපා බං අපි ඉන්නව උඹ එක්ක....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ දිගටම ලියන්නම් සැමා අයියට රසිකයෝ අඩුවෙන්නේ නෑ හි හි

      Delete
  18. ඉතුරු ටිකත් අහලම මොනවහරි ලියමු .....

    ReplyDelete
    Replies
    1. එල එල අයියේ ලඟදිම දාන්නම් බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  19. හලේ ඔයාගේ නදීගේ ඉස්කෝලේ කියන්නකෝ? මේ ඒක නෙමයි, කවුද අර නුවන් අයියා? :)

    ReplyDelete
    Replies
    1. හලේ හලේ අපේ නුවන් අයියා අහිංසකයි හොඳේ නදීගේ ඉස්කෝලේ ප්‍රසිද්ධියේ කිව්වොත් මුළු ඉස්කෝලෙම මේ බ්ලොග් එකට එයිද දන්නේ නෑ.නදීගේ මල්ලිත් මේ බ්ලොග් එක බලනවාද කොහෙද....එයා ගොඩාාාාාාක් දුර ඉස්කෝලෙක ඉන්නේ.නුවන් අයියා නම් මේ 1st එකේද කොහේදෝ ක්ලාස් එකකට යනවා දැන්නම්

      Delete
    2. එහෙනම් ගම වත් කියාපන්කෝ මල්ලියේ... :)
      නුවන් අයිය මොන ඉස්කෝලේද? වයස?

      Delete
    3. ආ...... මේ මහකන්දට යන්නේ පේරාදෙණිය මල් වත්ත පහු කරගෙන.. අපේ ගෙවල් පහු කරගෙන තමයි මල් වත්තට යන්නේ.......... ඒ කියන්නේ නදී එක්කෝ කටුගස්තොට පැත්තේ.. නැත්තන් දිගන හරි, මහියංගන පාරේ හරි නේ?

      Delete
    4. අම්මෝ ඒවා ප්‍රසිද්ධියේ කියන්න බැරියෝ

      Delete
  20. මේ වගේ කතා කියවන්න මම නම් හරිම කැමතියි..දිගටම ලියන්න...

    ඔයා රංගිකා ට ද ලියුම් දෙන්න ගියේ?? පිණස තියෙද්දී නෑවා වගේ වැඩක් නේ කරලා තියෙන්නේ :0

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙම ලියලා තියෙන විදියට හොඳ බැනුම් අහගන්න වෙයි කියලා බොහෝම ස්තූතියි අක්කේ

      මේකනේ අක්කේ නදී නැතුව පාළුවෙන් හිටිය නිසා මට හිතුනා නදී වගේ පෙනුම තියෙන රංගිකා එක්ක කතා කරන්න ...දැන් තමයි තේරෙන්නේ ඒ කරන බොළඳ වැඩේ තරම.....හි හි ඒ කාලේ මොනා තේරෙනවැයි

      Delete
  21. 'ධූමරථ මාර්ගයේ ගමන් කරන්නන්ට අච්චු කරනු ලැබේ ' කියල ඉස්සර රේල් පාරෙ බෝර්ඩ් ගහල තිබුන. සුද්දන්ගෙ කාලෙ ගහපු බෝර්ඩ් වෙන්නැති, තාම තියෙනවද මන්ද. උඩ පිංතුරේ දැක්කම මතක් වුනේ ඒ බෝර්ඩ් .

    බලමු ඊගාව කොටසුත් කියවල, ගැමියගේ ලව් සීන් කෝන්.

    ReplyDelete
    Replies
    1. මම දෙතුන් පාරක් කියවලා බැලුවා "ධූමරථ මාර්ගය" කියලා ගහල තියෙන්නේ වැරදිලාද කියලා දැනුයි තේරුනේ ඉස්සර දුම් කෝච්චි තිබුනේ කියලා...දැන්නම් දකින්ට නෑ අප්පා මම ඔය සිල්පර උඩ නුවර ගිය හැම පාරම යනවා..

      ලව් සීන් ලියන එකත් සෙල්ලම් නෑ අප්පා ලව් වැඩිකමට මේක ලියන්න ගිහිල්ලා මල ඉලව්වක් වෙයිද මන්දා හි හි තාම අපේ ගෙදර කවුරුත් මේක කියවන්නේ නෑ...බොහෝම ස්තූතියි ඔබාමා මාමේ කොමෙන්ටුවක් දාලා පොඩි තල්ලුවක් දුන්නට

      Delete
  22. මට වගේම ලව් කරපු එකෙක්නෙ අප්පා..!
    ඉස්සර මතකයන් ආයෙම මතක් වුනා.
    ඉතිරියත් ඉක්මනට දැම්මොත් හොඳා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට ආදරේ ගැන කතා කරද්දි අනිවාර්යෙන් එකම විදියේ ආදර කතා බොහෝමයක් අහන්න පුළුවන්නේ නේද ඉතිරි ටික මග එනෝ

      Delete
  23. ඔය වගේ සීන් එකක මාට්ටි වෙල අපේ ස්කෝලෙ සර් කෙනෙක් කිවුවෙ " මු මහ ලදරු කුපාඩි " කියලයි :D

    ReplyDelete
    Replies
    1. හි හී පොඩි මෑන්ගේ කතාවලින්ම කියන්න පුළුවන් ආයේ ඒ නම නම් සිරාවටම ගැලපෙනවා කියලා.පොඩි මෑන් වෙනුවට ලදරු කුපාඩි කියලා දැම්මනම් කියලා වැඩක් නෑ හි හි.බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දාලා ගියාට...

      Delete
  24. අම්මප 6 වසරෙදි ලිව්වෙ ලව් ලෙටර් එකක්මද? මූ නම් වල් ගහක් කිව්වලු. කොහොමින් කොහොම හරි අපිත් ආයෙ ඒ කාලෙට ගිහින් දාලා ආවා වගේ. ලස්සන කතාව ඉතිරිටික බලන්න ආසාවෙන් ඉන්නෙ, ඔන්න හැබැයි මෙගා කරන්න එපා, අපි හරි බිසී පට පට ගාල කියවන්න ශෝර්ට් ඇන් ස්වීට් විදියට දාන්න ඔන...

    ReplyDelete
    Replies
    1. 6 වසරෙදි ලිව්වේ ලව් රික්වෙස්ටින් ලෙටර් එකක්නේ අයියේ මම ඒ ගැනත් ලිව්වා 6 වසරේ පෙම් කෙලිය කියලා බ්ලොග් එකේම හි හි...ඊළඟ එක ෂෝට් ඇන්ඩ් ස්වීට් ලිව්වා අප්සට් වෙලාද දන්නේ නෑ ඒ නිසා පොඩ්ඩක් කියවලම ගුණ දොස් කියන්නකෝ මේ කතාව තව කොටස් දෙක තුනකින් ඉවර කරන්නයි....හැමෝම චුට්ටක් හරි වල්නේ නැද්ද

      Delete
  25. ලස්සන කතාවක්..ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම සාදරෙන් පිළිගන්නවා අක්කේ මේ පැත්තට කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි ඊලඟ ලිපිය දාන්න උත්සහ කරනවා ඉක්මන්ට

      Delete
  26. ආපෝ මෙන්න මෙයා බාල අපරාද කතාවක් ලියල..හි හි..ලස්සනයි මල්ලි.අනිත් ටිකත් බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් අම්මෝ මම එහෙම කතාවක් ලිව්වේ නැතෝ.....මල කෙලියයි එහෙම පේනවනම් ටිකක් වෙනස් කරන්න වෙයි වගේ...සමාව භාජනේට දාන්න හොඳේ..බොහෝම ස්තූතියි කොමෙන්ටුවට මග එමින් පවතිනවා ඊළඟ කොටස

      Delete
  27. එළම කිරි කතාව.......මේ ඉස්කෝලෙ ඉන්න අය ඔක්කොටම ඔය පිස්සුව ඔය කාලෙදි ඔය විදිහටම හැදෙනවා...මටත් හැදුනා....හික්ස් (වයසෙ වැරැද්ද මිසක් ඉස්කෝලෙ වරදක් නොවේ...)

    ReplyDelete
  28. කතාව ලස්‌සනයි වගේ..දිගටම කියවන්න ඔනා.

    ReplyDelete