Thursday, January 19, 2012

මගේ ආදරේ-2 කොටස(ලව් ලියුම බඩේ)




මුල් කොටස කියවලා නැත්තම් මෙතනින් ගිහින් කියවලම එන්නකෝ
-----------------------------------------------------------------------------------------------------------
ඔටෝ එකකින් කොලයක් ඉල්ලගත්තු මම දන්න වැඩ කිඩ දාලා ලස්සනම ලස්සන ලියුමක් ලිව්වා රංගිකාගෙන් කැමැත්ත නිල වශයෙන් අහන්න.

දැන් ඒක ලස්සනට ලියලා දෙකට තුනට නවලා එයාට ගිහින් දෙන්න නැගිටිනකොටම ඉස්සරහට ආවේ අපේ සෙක්ෂනල් හෙඩ්....


“ඔය ලමයා මොකද නැගිටගෙන කරන්නේ ඉඳගන්නවා”

මිස් මට වේවැලෙන් දෙකක් දීලා ඉන්දෙව්වා හි හි මිස්ට ලියුම මාට්ටු නෑ...කොහේ මාට්ටු වෙන්නද ලියුම දඩ බඩ ගාලා කටේ ඔබාගත්තාම.හා හා පුරා කියලා ලියපු ලියුම කටේ දැන් ඉතිං රංගිකාට ලියුමක් දෙන්න වෙන්නේ නෑ මොනා උනත් මුල්ම ලියුමනේ කියලා මම දිව එහෙම වැඩිය හොල්ලන්නේ නැතිව සීරුවට කටේ තියාගෙන හිටියා.

“දැන් මට නේද පන්තිය තියෙන්නේ’

මිස් මගෙන් අහපි මම ඇහුනේ නෑ වගේ හිටියාම එහා පැත්තේ එකා උත්තර දුන්නා

“ආ එහෙනම් නැගිටින්න ලමයි......ආයුබෝවන්”

ඉස්සර අපේ ඉස්කෝලේ ටීච කෙනෙක් උගන්නන්න අවාම අපි හැමෝම එක්ක කවියක් කියලා තමයි ටීචව පිළිගන්නේ ඒක අනිවාර්යයි.ඔන්න දැන් පන්තියේ ලමයි හැමෝම කවිය කියනවා මම ඉස්සරහම පේලියේ කට වහගෙන හිටියා නැත්තම් ලියුම අපරාදෙනේ.මිස් මගේ දිහා රවාගෙන බලන් හිටියා කොහොම රැව්වත් මට කට හොලවන්න බෑ කියලා මිස්ට තේරෙන්නේ නෑනේ.

“ඔය ලමයා එනවා මෙහාට පන්තිය අනික් ලමයි එක්කනේ කවිය කියන්න බැරි දැන් පන්තිය ඉස්සරහට ඇවිල්ලා කියනවා බලන්න හයියෙන්”

මලා හුටා  දැන් නම් බඩුම තමයි කලින් 6 වසරේ ලව් සීන් එකේදිත් මේ මිස්ම තමයි දිගට හරහට අපිට නෙළුවේ දැන් මේකත් මාට්ටු වුනොත් මම ඉස්කෝලෙන් දොට්ට ආයේ දෙකක් නෑ.ඇග පුරාම කරන්ට් එකක් ගියා වගේ වුනා බයවුනු බයවිල්ලට චූත් යනවා තව ඩිංගෙන් මම ඔළුව පාත් කරගෙන අති සීඝ්‍රෙයන් ලියුම හපන්න ගත්තා.

“මොනාද ඔය කටේ තියෙන්නේ දානවා එලියට දානවා දානවා මම තමුසෙලාට කියලා තියෙනවා නේද චුයින්ගම් කන්න එපා කියලා හරක් වගේ ඕක කටේ තියාගෙන වමාර වමාර කනවා බලන් ඉන්න හිරිගිතයි.කියන දෙයක් අහන්න බැරි හරක්”

මට මිහිරි වදන් සමග ගුටි පූජාවක් නොමිලේ ඒත් මම නෙමෙයි සැලුනේ මගේ කිරි දත් වලින් ලියුම හොදට අඹරගත්තා..දැන් නියම ගාන එක සැරේ මුළු ලියුමම ගිලලා දැම්මා හම්මේ දැන් තමයි සැනසීමක් ආවේ දැන් ඉතින් කොහේ අල්ලන්නද මාව.

“ඇයි මිස් ගහන්නේ මගේ කටේ මුකුත් නෑනේ”

මිස් කම්මුලේ අත තියාගෙන අනික් පැත්ත බලාගෙන හිටියා ටික වෙලාවක්

“ගිල්ලා නේද චුයින්ගම් එක....දරුවෝ ඕවා කෑවාම බඩවැලේ ඇලෙනවා ඕක ගම් එකක් වගේ නිසා බඩට යන්න හොදම නෑ.කියන දෙයක් අහන්නේ නැති හැටි ආයේ කාලා අහුවෙනවකෝ බලන්න ඕක අරන් අලවනවා නලලේ.හා දැන් කියනවා කවිය මට පාඩම පටන් ගන්න තියෙනවා”

මමත් ඉතිං කවිය කිව්වා පන්තියටම ඇහෙන්න හැබැයි රංගිකා දිහා නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ.පන්තියේ කට්ටියට මීටර් මම කෑවේ චුයින්ගම් එකක් නෙමෙයි කියලා කන පිරෙන්න බයිට සෙට් වුනා මිස් ගියාම.

“ඔන්න ඔහොමයි වුනේ”

“ඉතිං එයා එක්ක කතා කලේවත් නැද්ද නිකන්වත්”

“අපේ පන්තියේ කොල්ලොන්ට ඩෙස් 5 පේලි 6ක් තිබුනා කෙල්ලන්ට තිබුනේ ඩෙස් 4 පේලි 5ක්.හිස් පීරියඩ් එකක් සෙට් වුනාම ජෝඩු ඔය පේලි අයිනට වෙලා ලංවෙලා කතා කර කර ඉන්නවා මාවත් කොල්ලෝ බලෙන්ම යැව්වා කොල්ලෙක් නම් කතා කරපන් කියලා මට ඉතින් සෙකන්ඩ් වෙන්න බෑනේ මමත් ගියා හැබැයි ඔහේ හිටියා මිසක් වැඩි දෙයක් කතා කලේ නෑ.උවමනාවක් තිබුනෙත් නෑ බයක් තිබුනා හැබැයි”

“හ්ම්ම්ම්ම්ම්ම්”

“ඇත්තටම ඒ දේ මට ඕනේ කරලා තිබුනු දෙයක් නෙමේ නිසා මම ඒ ගෑනු ලමයා එක්ක කොහෙවත් යන්නවත් අතින් අල්ලන්නවත් හිතුවේ නෑ.ඒ සම්බන්දේ ඉවර වෙනකන්ම මම ඒ ලමයාගේ ඇගට අතක්වත් තියලා නෑ.හැබැයි ඒ ලමයා කියලා තිබුනා මගේ කොන්ද පණ නෑ මම බයගුල්ලෙක් කියලා මගේ යාළුවන්ට”

“ඔය ඇත්තමද වස්තූ.....”

ඔව් නදී සත්තයි”

“ඉතින් ඊට පස්සේ මොකද වුනේ”

“මාස දෙක තුනක් යද්දි මට ආරංචි ආවා රංගිකා තව කොල්ලෙක් එක්ක රවුම් ගහනවයි කියලා මම ඉතින් ගනන් ගත්තේ නෑ දවසක් මම සෙනසුරාදා යාළුවෝ එක්ක ටවුමේ පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න....එතකොට රොෂේන් කියන අයියයි රංගිකායි තුරුළු වෙලා ඉන්නවා දැක්කා පිට්ටනියේ කෙලවරේ.එයත් එක්ක වැඩි කතාවක් මට නොතිබුනු නිසා මම ඇහුවෙත් නෑ කවුද ඒ ඇයි එහෙම හිටියේ කියලා.ඊට ටික දවසකට පස්සේ රංගිකාම මට ඇවිත් කිව්වා මම රොෂේන් අයියට කැමතියි කිව්වා කියලා මම ඉතින් කිව්වා කමක් නෑ කියලා.මට  දුකක් නොදැනුනාම නෙමෙයි ඒ මට නදීගේ පෙනුම තියෙන රංගිකා එක්ක කතා කරන්න නොලැබෙන නිසාත් වෙන්නැති මම දැනගෙනත් හිටියා රොෂේන් කියන්නේ සල්ලාලයෙක් කියලා.එයා ඒ බව මට කිව්වේ 2006 ජනවාරියේ.එතකොට මම 10වසරේ.මගේ යාළුවෝ නම් මට කිව්වා පලයන් ගිහින් කනට දෙකක් දීලා වරෙන් කියලා ඒත් කෙල්ලෙක්ට පාරක් ගහන එක මට මදිකමක් වගේ දැනුනු නිසා මම ගැහුවේ නෑ”

“ඔයා කොච්චර හොඳයිද ඒක නෙමෙයි දැන් එයා මොකද කරන්නේ”

“එයාට සේරම වැරදුනා නදී………”


-මතු සම්බන්ධයි-


ප/ලි

පින්තූරේ ගත්තේ මෙතැනින්....මම බොහෝම සතුටින් ඉන්නේ මේ දවස්වල ඒකට හේතුවක් තමයි "මහ ගෙදර මහා වෙදනා" බ්ලොග් අඩවිය කරන වෙද මහත්තයා මගේ කොන්දේ අමාරුව ගැන විමසලා ඒ ගැන ලොකූ විස්තරයක් කියලා දීලා මගේ ලොකු බයක් නැතිකලා.හලාවත අයියටත් හැකි උපකාරයක් කරන්නම් කියලාත් කිව්වා.බ්ලොග් වලට ආගන්තුකයෙක් වෙච්චි මට එහෙම සැලකිල්ලක් දක්වපු එකට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා වෙද මහත්තයාට.....

ඒ වගේම ටියුෂන් ගිහින් ඉන්න මට ගොඩාක් අමාරු බව තේරුම් අරගෙන මගේ හොඳම මිත්‍රයෙක් වන මණ්ඩිපාල මගේ ගෙදරටම ඇවිදින් මට ඉගැන්වීම් කටයුතු වල යෙදෙනවා ඔහුටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.මේ කතාවේ ඇහින් දුටු සාක්ෂිකාරයෙක් විදියටත් මණ්ඩිපාලව හඳුන්වන්න පුළුවන්.

52 comments:

  1. මාත් කියන්න හිටියේ.ඔයාගේ වේද ගෙදර කතා ඉවරයිද කියල.අයෙත් ඉඳල හිටලා මැදින් දාන්න..

    ReplyDelete
    Replies
    1. වෙද ගෙදර කතා ඉවර නම් නෑ අයියේ ඉඳලා හිටලා දාන්නයි හිතුවේ මාසෙකට දෙකක්වත් වෙන්න දාන්න බලන්නම්කෝ...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  2. අපේ චූටි අයියත් ඔය වගේ හපපු කොළ ගොඩක් අපේ ගෙදරත් තිබුණ, ඒවා නම් හැබැයි ලව් ලෙටර් නෙමේ.. කමියුනිකේෂන් වලට සල්ලි ගෙවපු බිල් කෑලි :)

    ReplyDelete
    Replies
    1. චූටි අයියා එයාගේ ගෑනු ලමයට කෝල් කරලා ගෙවපු බිල් වෙන්නැති මයෙ හිතේ හි හි මගේ ලඟත් දාපු රීලෝඩ් කාඩ් ගොන්නක් තියෙනවා මම ඒවා එකතු කරලා එයාගේ උපන්දිනේට දෙන්න මොකක් හරි හදන්න හිටියේ තාම හදාගන්න බැරිවුනානේ...බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  3. හපලා හපලා කෙල ගහලා යන්තං බේරුනා අම්මගෙන් එක පාරක්...දුවන ගමං ලියුම කෑවා.....ඒක නෙමේ මොකක්ද මේ කොන්දේ සීන් එක..දැන් හොඳයිද....

    ReplyDelete
    Replies
    1. ෂාහ් මේ ඉන්නේ තව අත්දැකීම් බහුල අයියා කෙනෙක් අපිට නම් ඉතිං ආහාර අර්බුදයක් එන එකක් නෑ අනාගතේදි නැද්ද අයියේ...

      මහ ගෙදර මහා වෙදතුමාට මම මගේ රිපෝට් එක යැව්වාමනම් එතුමා කිව්වේ මගේ කොඳු ඇටපෙලේ ඝට්ටනයක් නිසා කොඳු ඇට අතර තියෙන ජෙල් එක පැනලා ස්නායු ආබාධ ඇති කරනවා කියලා...මම මෙච්චර කල් හිතන් හිටියේ කොන්ද කැඩිලා කියලා දැන් නම් බයවෙන්න දෙයක් නෑ කැඩිලා නැති නිසා...හිටියට වඩා දැන් සෑහෙන්න අඩුයි මම මට වෙච්චි ඇබැද්දිය ගැන පෝස්ට් එකක් දාලා ඇති අනතුරක් කල හදියක් කියලා ඒකත් කියවලම බලන්නකෝ අයියේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  4. හැක්... හැක්... මතකයි මතකයි... අපි ඉතින් ඒ කාලෙ උඹල එක්ක හිටියට උඹල තරම් ලොකු ලොකු වැඩ කලේ නැහැ නෙව.. චුට්ටක් කලා, ඒත් ඒවට වෙච්ච දේත් දන්නෙ උඹලම නෙව... හැක්... හැක්... උඹල මට ලවක් කරන්න දුන්නෙම නෑ නෙව...!!! නෑ..නෑ.. ඒවට කාරි නෑ... කට කහනවට කියන කතා එහෙම නෙමෙයි ඕං, ඒත් හිතේ නම් කහටක් නෑ... උඹලට ලව් කරන්න මම මිස්ල කී දෙනෙක්ට බොරු කීයක් කිව්වද.. මිස්ල මගෙන් අහද්දි මම මිස්ලට බේගලක් ඇද බාල එනව.. ඊට පස්සෙ මිස් කෙල්ලෙක්ව ගෙන්නල ඇහුවම ඒකි ඇත්ත සිද්ධිය වමාරනව... ඊට පස්සෙ මිස් මට එන්න කියල කන පිරෙන්න කියනව... මම බොරුවක් කියල මජ්ජගෙ සීන් එක උගේ අතින්ම අතේ කෝට් වුනා මතකනෙ 11දි... හැක්... හැක්... මම බොරු කිය කිය පරිස්සම් කරපු කපල් වලින් කීයද බන් දැන් ඉන්නෙ, හරියටම දෙකයිනෙ, සඳුන්+පෙන්ගු / කිකිලි+නිසංසලා විතරනෙ... අප්පොච්චියෝ මට මේව ඔක්කොම ලියන්න බෑ, එතකොට මම මෙතන පෝස්ට් එකක් ලිව්ව වෙනව... කතාව එළ ඈ.... ජය ශ්‍රී...!!!!

    ReplyDelete
    Replies
    1. හි හි නැතුව නැතුව අපිත් දන්නේ නැතුවැයි හිතේ කහට නෑ කියලා දන්නවා මචං නැත්තම් උඹ මෙලහකට මාව කාලා....උඹ ලොකු උදව්වක් බං කරන්නේ තෑන්ක්ස්...කොමෙන්ට් එකටත් ස්තූතියි මචෝ

      Delete
  5. විභහග ශාලා වලත් ඔය කොළ කෑලි ගිලින සිද්ධි හරියට වෙනවලු...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මට පිසික්ස් උගන්නපු සර් උ/පෙ කරද්දි උත්තර ලියලා පාස් කරපු රිසයිකල් පේපර් එකක් ගිලලා තිබුනා 94දි හෙනට අමාරු වෙලා තිබුනා ඒක නොගිල්ලා නම් එයාගේ විභාගේ අත්හිටවනවලු හි හි....බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  6. අපරාදේ ලවු ලෙටර් එක...

    මොකද්ද මේ කොන්දේ අමාරුව? බරපතල දෙයක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හම්මෝ අපරාදේ කියලා නොගිල හිටියනම් බඩුම තමයි...

      දැන් නම් ඒ හැටි අමාරුවක් නෑ මහ ගෙදර මහා වෙදතුමාට මම මගේ රිපෝට් එක යැව්වාමනම් එතුමා කිව්වේ මගේ කොඳු ඇටපෙලේ ඝට්ටනයක් නිසා කොඳු ඇට අතර තියෙන ජෙල් එක පැනලා ස්නායු ආබාධ ඇති කරනවා කියලා...මම මෙච්චර කල් හිතන් හිටියේ කොන්ද කැඩිලා කියලා දැන් නම් බයවෙන්න දෙයක් නෑ කැඩිලා නැති නිසා...හිටියට වඩා දැන් සෑහෙන්න අඩුයි මම මට වෙච්චි ඇබැද්දිය ගැන පෝස්ට් එකක් දාලා ඇති අනතුරක් කල හදියක් කියලා ඒකත් කියවලම බලන්නකෝ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  7. අපරාදේ ලියුම ..මල්ලිට ඉක්මනින් සුව වෙන්න කියල පතනවා .අදමයි මේ පැත්තේ ආවේ ..

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියලා මාට්ටු කරගත්තනම් අයියෝ මගේ යව්වන කාලේ කිය කිය තමා ඉන්න වෙන්නේ හම්මෝ...දැන් නම් ඒ හැටි අමාරුවක් නෑ අක්කේ.... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  8. අයියෝ ලියුම විසි කරේ ඇයි.. ඔයාගේ අසනීපෙ මොකක්ද මල්ලි අනේ ඉක්මනට හොඳ වෙන්න

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ ලියුම විසික් කලේ නෑ ඒක මගේ රුධිර සංසරණ පද්ධතියට එක්කහු වෙලා ඇත්තේ දැන් හි හි.....

      දැන් නම් ඒ හැටි අසනීපයක් නෑ අක්කේ දැන් ටිකක් හොඳයි තව ටිකයි තියෙන්නේ හොඳවෙන්න කොඳු ඇට පෙලේ පොඩි අර්බුධයක් වෙලාවක් තියෙන වෙලාවක මගේ පරණ පෝස්ට් එකක් ඇදලා බලන්නකෝ ඒ ගැන ලියැවිලා ඇත්තේ "අනතුරක් කල හදියක්-1 කොටසේ"

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  9. අඩුම ගානෙ බඩේ ඉන්න පණුවොවත් ලව් ලෙටර් එක බලන්න නැතැයි.

    කොන්දෙ අමාරුව ඉක්මනින් සුව වෙන්න කියල පතනවා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ අයියේ පණුවන්ටත් ගිය කල හි හි....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට තව ටිකයි තියෙන්නේ සනීප වෙන්න

      Delete
  10. මල්ලි කඩදාසි හොදට දිරවනවද .... ? කාලා තියන එකානේ එකේ ගුණ අගුණ දන්නේ .. :)

    ලිපිය එල ... මට ඔබගේ ඊමේල් ලිපිනය ලැබීමට සලස්වන්න....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව හොඳට දිරනවා ආයේ බඩගින්නක් ආවත් බයවෙන්න දෙයක් නෑ...ඕං මම එව්වා මේල් එකක් බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  11. සෙක්ෂනල් හෙඩ්ට අහුවෙනවට වඩා ඒක ගිල්ල එක සැපයිනෙ....කොන්දෙ අමාරුව ඉක්මනින් සනීප වේවා....අද තමයි ඔන්න ආවෙ මුලින්ම..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා ටිකිරි මොලේ තමයි තව පොඩ්ඩෙන් දෙවෙනි පාරටත් චාටර් වෙනවා හි හි බොහෝම සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් අඩවියට කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි දිගටම මේ පැත්තේ ඇවිත් යන්නකෝ නිවාඩු පාඩුවේ

      Delete
  12. අඩේ උඹ සනීප නැතිව හිටියද??? කමෙන්ට් වලින් දැක්කේ... ඉක්මන් සුව...

    ලියුම ආයේ ලියලා දුන්නනම් ඉවරනේ.. ඒ කෙල්ලට වරදින්නෙත් නැහැ.. (හැබැයි උඹට වරදින්න තිබ්බ චාන්ස් එකද කොහෙද මිස් වුනේ)

    ReplyDelete
    Replies
    1. කාලයක් සෑහෙන්න අසනීපෙන් හිටියා දැන් නම් සනීපයි බොහෝ දුරට හි හි ඒ කෙල්ල ගත්තු මෝඩ තීරණ නිසා සෑහෙන්න දුක් වින්දා කියලා නම් ආරන්චියි සිරාවටම මට වරදින්න තිබුනු චාන්ස් එක මිස් වුනේ වෙලාවට ඒක එහෙම නොවුනා නම් මම මෙහෙම බ්ලොග් ලියන්නේ නැති වෙන්නත් තිබුනා...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  13. හී හී මරු කතාව....මේ මටත් තියනවා බං ඔය කොන්දෙ කැක්කුම...හැබෑට මොකද්ද ඕකට කරන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ පුළුවන් තරම් ඉක්මන්ට X RAY එකක්වත් අරන් බලන්න නැත්තම් සෑහෙන්න කරදර වෙයි පහු වෙද්දි එපාම කරපු ලෙඩක් තමයි මේ කොන්දේ කැක්කුම කියන්නේ ඕං ආයේ කිව්වා කල් යවන්න නම් එපා හරිද.....කොමෙන්ටුවට බොහෝම ස්තූතියි හොඳේ

      Delete
  14. හනේ හනේ ඇත්තට මේ කොල්ලො කරන වැඩ. අපිත් එහෙම තමයි කුඩා කාලෙම බැලුවෙම මොකක් හරි සෙට් කර ගන්න. හෙක් .... හෙක්.. කොහෙද ඒ කාලේ අද වගේ පහසුකම් නැහැනෙ. සෙනෙහෙ කොලේ තමයි ඉතිං.

    ReplyDelete
    Replies
    1. කොලු කාලෙනේ වෙද මහත්තයෝ වෙද මහත්තයටත් මේ වගේ අත්දැකීම් ඇති ඉහේ කෙස් ගානට....ඒක නෙමෙයි මොකක්ද අප්පා මේ සෙනෙහේ කොල කියන්නේ මට නිකන් තේරෙන්නේ නෑ නෑ වගේ...බොහෝම ස්තූතියි වෙදතුමනි කොමෙන්ටුවට

      Delete
  15. වෙද මහත්තයටත් මතක් වෙලා තියෙන්නෙ ' සෙනෙහෙ කොළ ' ඒව හොඳයි අර ගිලපු කඩදාසිය පිට කොර ගන්න :-))

    ReplyDelete
    Replies
    1. ඈ ඔබා මාමේ සෙනෙහේ කොල කියන්නේ විරේක බේතක්වත්ද?? ස්තූතියි මාමේ කොමෙන්ටුවට සෙනෙහේ කොලේ කියන්නේ මොක්කද කියන්නෝ

      Delete
  16. මල්ලි අනූ නවයයි දශම ගානකින් බේරිලා තියෙන්නේ...... අපරාදෙ ලව් ලෙටර් එක....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ඒ වෙලාවේ මුළු ඇගම හිරිවැටිලා ගියා ලෙටර් එක ලිව්වේ බල කිරීමට නිසා අන්තිමේ ලෙටර් නොලියා ෂේප් වුනා දැන් ඉතින් කටක් ඇරලා කියන්න පුළුවන් මම ලියුම් දුන්නේ නෑ කියලා හි හි බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  17. ඒ කියන්නේ මිස්ට පිංසිද්ද වෙන්ඩ මළයා මාරකයක් පැනලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මිස්ට පිංසිද්ද වෙන්න මාරයා යන්තම් තට්ටු කරලා ගියා දැන්නම් හිතෙනවා ඒක මාට්ටු වුනා නම් කියලා එහෙම උනා නම් ඒ කෙල්ලයි මායි අතර මෙහෙම ඇයි හොඳයියක්වත් ඇති වෙන්නේ නෑනේ...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  18. Replies
    1. සිරාවට සිරාවට..... බොහෝම සාදරෙන් පිළිගන්නවා මගේ බ්ලොගේට කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි

      Delete
  19. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මොකද අක්කේ හ්ම්ම් හ්ම්ම්ම්.....බැරිවෙලාවත් ඔයා ඒ රංගිකා ලමයා නොවෙයි නේද ඈ බොහොම් ස්තූතියි කොමෙන්ටුවට මට උත්තරයක් දෙන්නෝ පුළුවන්නම්

      Delete
  20. හික්ස්.....ඒ ලව් ලෙටර් එක ගිල්ල නිසා වෙන්න ඇති උඹේ බඩේ තාමත් හොඳ ලව් එකක් දළු දාගෙන යන්නෙ......

    ReplyDelete
    Replies
    1. ආ ආ ඒ දළු ගැන උඹ ඉතින් දන්නවනේ බං ඒ ලෙටර් රුධිර සංසරණ පද්ධතියට එකතු වෙලත් ඉවරයිනේ හි හි බොහෝම ස්තූතියි මලෝ කොමෙන්ටුවට

      Delete
  21. දුර ගමනක් ගිහින් දැනුයි ගෙදර ආවේ සෑහෙන්න මහන්සියි අප්පා.....කොමෙන්ට් වලට රිප්ලයි ප්‍රමාද කලේ හිතකින් නෙමෙයි වෙච්චි ප්‍රමාද දෝෂයට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා....හැකි ඉක්මන්ට පිළිතුරු සපයන්නම් ඔයාලගේ මග ඇරුණු පෝස්ට් කියවන්නත් හෙමින් සැරේ එන්නම් හොඳේ

    ReplyDelete
  22. හිහිහී... ලියුම් වලින් නම් අපලයි නේන්නම්.. :D ලිවීමේ වචන ගැලපීම ගොඩක් ලස්සනයි මල්ලියෝ.. ආසාවෙන් කියෙව්වා.. ඉතිරි කොටසත් බලාගෙන ඉන්නවා.. හැකි ඉක්මනින් දාන්න.. ඒවගේම ඉක්මනින්ම සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා මල්ලියට..!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ ප්‍රශංසා වලට හි හි වෙච්චි දෙයක් අකුරු කරද්දි හරිම නිදහසේ ලියන්න පුළුවන්නේ අක්කේ අමතර උත්සහයක් දැම්මේ නෑ වැඩේට....තව කොටස් දෙක තුනක් දාන්න පුළුවන් තාම ඒවා දානවද නැද්ද කියලනම් හිතුවේ නෑ....බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  23. මේ ඉස්කෝලවල සිද්දවෙන ලස්සන ලස්සන කතා අර පිරිමි හා ගැහැනු පාසල්වල යන ලමයින් දන්නෙ නෑ. හැම එකක්ම මිශ්‍ර පාසල් උනා නම් හොදයි...

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ එහෙම උනානම් කෙල්ලෙක් දැක්කාම මැජික් වගේ කෙල පෙරෙන සමාජයක් බිහි නොවෙන්න තිබුනා මම දන්නේ නෑ මම කොයිතරම් ඇත්තද කියලා ඒත් මිශ්‍ර පාසල් නොතිබීම ලොකු අවුලක් විදියටයි මම දකින්නේ....මේ කතා හරිම අහිංසක කතානේ අනික...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  24. අපිත් ඔය වගේ ආදරය ගිල ගත්තු අවස්ථා හුඟක් තියෙනවා. දැං මතක් වෙනකොට ආ..සයි..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් අඩවියට....මතක් වුනාම එකක් දෙකක් ලියමුකෝ හැමෝටම කියවන්න ලස්සන කතා එහෙම ඇතිනේ ඒ ගැන...බොහෝම ස්තූතියි මගේ බ්ලොග් අඩවියට ඇවිදින් කොමෙන්ටුවක් දැමීම පිළිබඳව

      Delete
  25. මමත් ඕක කලානෙ.හැබැයි ගිලින්න වුනේ නෑ.අහු වුනේ අපේ පන්තියෙ කොල්ලන්ට.එයාටත් හෙන ලැජ්ජාව.පස්සෙ ඉතින් අපි දෙන්නවම කොල්ලො සෙට් එක පනිතියෙ ඉස්සරහට ගෙනල්ලා පෝරැවෙ චාරිත්රත් කලා. අනිතිමට කට්ටියම අහුවුනා.

    මණ්ඩිපාලට පාර පෙන්නුවට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. චුයින්ගම් කියද්දී කතාවක් මතක් වුණා. අපි ඉස්කෝලෙ යනකාලෙ මිස් කෙනෙක් හිටියා එයත් හරිම විරුද්ධයි චුයින්ගම් කනවට..

      පන්තියේ එකෙක් චුයින්ගම් කකා ඉන්නවා අහුවෙලා ඌව එලෙව්වා ඒක විසිකරලා එන්න..

      ඌ ඇවිල්ලා ඉඳගත්තා මිස් කටඇරියා

      "දැන් කාලෙ ළමයින්ට හරි උණක්නෙ බෝවෙලා තියෙන්නෙ.
      ඉස්කෝලෙ ඉස්සරහ කඩේට යනවා..
      චුයින්ගම් එකක් ගන්නවා..
      ඒක ගලෝලා පච්චෙ ගන්නවා..
      අතේ ගහනවා.."

      කොල්ලො ටික හූ තියලා හිනා වෙන්න ගත්තා.

      "හිනාවෙන්න එපා ළමයි ඕගොල්ලෝ හිනාවෙන්නෙ ඔයාලටමයි..මම කිව්වෙ ඕගොල්ලො දැන්කාලෙ කරන එව්වා"

      Delete
    2. @අපි අපි වගේ

      ෂාහ් නියමයිනේ නොනිල වශයෙන් පෝරුවටත් නැග්ගා එහෙනම් අපිට ඔහොම චාන්ස් නෑනේ අප්පා පෝරුව හයියද කියලා බලන්නවත් තාම නැගලා නෑ...ඔහොම ලියුම් අහුවුනාම ප්‍රසිද්ධියේ කියවනවා ඒ වෙලාවට ඉතින් නොපෙනී ඉන්න මන්තරයක් හරි සවලක් හරි ලඟ පාත තිබ්බනම් කියලා හිතෙනවා හි හි....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
      ----------------------------------------------------------
      @හරි

      බොහෝම සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් අඩවියට හි හි ඔය අතේ ගහන කතාව ඔය මිස්ම දවසක් කිව්වා මහා රැස්වීමක සමහර සර්ලටත් මීටර් වෙලා හිනාවුනා...
      දෙවෙනියට මිස් හිනාවෙන්න එපා කියලා කරපු කතාවට නම් බ්ලාස්ට් හි හි සුපිරිම තමයි....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  26. සොරි වෙන්න ඕනා කමෙන්ට් එක වැටිලා තියෙන්නෙ රිප්ලයි එකක් විදිහට..

    ReplyDelete